Colombo Today Local News

ජී.එස්.පී. ප්ලස් දෙන්න යුරෝපා සංගමයෙන් කොන්දේසි 58ක් !

ජී. එස්‌. පී. ප්ලස්‌ තීරු බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට කොන්දේසි 58 ක්‌ ඉදිරිපත් කර ඇතැයි වාර්තා වෙයි.

ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත් කිරීම, එම පනත යටතේ රඳවා සිටින්නන්ගේ නඩු විභාග කඩිනම් කිරීම, නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ හඳුන්වා දීම, නව ව්‍යවස්‌ථාවක්‌ යටතේ බලය බෙදීමට කටයුතු කිරීම, උතුරේ පෞද්ගලික ඉඩම් සියල්ල නැවත හිමිකරුවන්ට ලබාදීම සහ ජාතික සංහිඳියා සහ නැවත පදිංචි කිරීමේ ප්‍රතිපත්තියක්‌ හඳුන්වාදීම ඇතුළු තීරණාත්මක කරුණු රැසක්‌ මෙම කොන්දේසිවලට ඇතුළත් බව වාර්තා වෙයි.

ජී. එස්‌. ටී. ප්ලස්‌ තීරු බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීම සලකා බැලීම සඳහා අදාළ කොන්දේසි ඉටුකළ යුතු බවට ද යුරෝපා සංගමය දැනුම් දී ඇති බව ද පැවසේ.

එම සංගමය මීට පෙර අවස්‌ථාවකද සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්වල වර්ධනයක්‌ අපේක්‍ෂා කරන බවයි.

කෙසේ වෙතත් අදාළ කොන්දේසි ප්‍රමාණය අඩු කර ගැනීමට රජය යුරෝපා සංගමය සමඟ සාකච්ඡා කරමින් සිටින අතර දෙපාර්ශ්වයටම එකඟ විය හැකි කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඉදිරියට යැම රජයේ අපේක්‍ෂාව වී තිබේ.

කවරක්‌ නමුත් අදාළ කොන්දේසි ගැන ශ්‍රී ලංකාව යුරෝපා සංගමය සමඟ තවදුරටත් සාකච්ඡා කරමින් සිටින අතර එම සාකච්ඡාවල ප්‍රගතිය මත ඉදිරි මාසයක කාලයේදී ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී ප්ලස්‌ බදු සහනය නිල වශයෙන් ලබාදෙන ලෙස රජය විසින් යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉල්ලා සිටීමට නියමිත බව ද රජයේ ආරංචි මාර්ග කියයි.

Related posts

ස්වර්ණවාහිනිය විකුණා ජනපති කොටු කරන තැතක්.. ගනුදෙණුව යට දූෂිත ඇමතියෙක් !

colombotoday

ගෝඨාභය නාම යෝජනා භාර දෙයි !

colombotoday

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

colombotoday

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

ලංකාවේ කොවිඩ් තත්ත්වය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කනස්සල්ල පළ කරයි

colombotoday

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday