Colombo Today Local News

දැනට අළෙවි කෙරෙන ඉන්ධන ලීටරයක මිල 200 කින් අඩුකරන්න පුළුවන්

ඉන්ධන ලීටරයක් දැනට අළෙවි කරන මිලට වඩා රුපියල් 200 ක් අඩු මිලකට ජනතාවට ලබාදීමේ හැකියාව ඇති බවත් ඉන්ධන ලීටරයක සත්‍ය ආනයනික වියදම රුපියල් 300 ට වඩා වැඩි නොවන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (7)දින පැවසීය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන ආනයන පිරිවැය වැඩියෙන් ඉන්ධන මිල සූත්‍රයට ආදේශ කර ඇති බවත් මෙම මිල වැඩියෙන් පෙන්වීමෙන් ඉන්ධන පිරවුම්හල්වලට ලබාදෙන මුදල ද වැඩියෙන් ගණනය වන බවත් රත්නායක මහතා සඳහන් කරයි.

ඛනිජ තෙල් සංස්ථාව බොරතෙල් බැරලයකට ඩොලර් 72.50 කට මිලදී ගෙන ඇත්නම් ලෝක වෙළෙඳපොලේ ඩොලර් 200 ක් වුවත් එහි වැඳගත්කමක් නොමැති බව කී රත්නායක මහතා පෙට්‍රල් බැරල්යක් ඩොලර් 171 ක් යැයි කීව ද ඔක්ටේන් 92 පෙට්‍රල් ඩොලර් 100 ට ආනයන කර ඇති බව ද සඳහන් කළේය.

ඔක්ටේන් 95 පෙට්‍රල් ඩොලර් 103 ට, ඔටෝ ඩීසල් ඩොලර් 112 ට, සුපිරි ඩීසල් ඩොලර් 115 සහ භූමිතෙල් ඩොලර් 105 ට ලෙස ආනයන කර ඇති බවත් ආනයන කළ වටිනාමක අනුව ඉන්ධන මිල ගණනය කළ යුතු බවත් රත්නායක මහතා කීය.

මෙම ගණනය කිරීමේදී බදු ආදායම අහිමිවී තෙල් සංස්ථාවට රුපියල් 200 ක් ලැබෙන බව කී රත්නායක මහතා සඳහන් කළේ අවසානයේ ඉන්ධන මිලදී ගැනීමට ද මුදල් නොමැති බවත්ය.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.

Related posts

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday

හිරුණිකා හිසකෙස් දන් දෙයි

colombotoday

ජනපති මෛත්‍රීගෙන් ඇමරිකානු ජනපති ට්‍රම්ප්ට ලිපියක්…

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday

නිරෝධායන නීති නොතකා අරක්කු විකුණූ කතක් දැලේ..

colombotoday

ජනතාවට පටි තද කරගන්න කියා ඇමති රොත්තම අළුත් වාහන ගනී.. කෝටි 118ක ඇස්තමේන්තුවක්

colombotoday