Colombo Today Local News

මිලියන 63 කට අධික කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට

පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ අද අළුයම(06)දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 212 ක පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් සමඟ සැකකරුවකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අදාළ කේරළ ගංජා තොගය එම වෑන් රථය තුල උර දහයක පාර්සල් අනූ හතක් වශයෙන් අසුරා තිබු බවයි නාවික හමුදාව පවසයි.

මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 63 කට අධික බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවක් බවයි නාවික හමුදාව පවසයි.

Related posts

දකුණේ ධාවනයට නව ලංගම බස් 65ක්

colombotoday

අමරපුර මහා නිකායත් නව ව්‍යවස්ථාවට එරෙහි වෙයි.. උත්තරීතර මහානාහිමියන්ගෙන් නිවේදනයක්

colombotoday

ගිලන් රථයකට වෙඩි ප්‍රහාරයක්

colombotoday

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

Admin

හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණයෙන් තීන්දුවක්

colombotoday

ජාජබ මැතිවරණ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

Admin