Colombo Today Local News

අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න රජයෙන් බිලියන 200ක්

අඩු ආදායම්ලාභී පවුල්වලට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන දෙසීයක මුදලක් වෙන් කිරීමට තීරණය කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවීර පවසයි.

මෙම වැඩපිළිවෙළ යටතේ රටේ සිටින සියලු ම අඩු ආදායම්ලාභී පවුල් සඳහා එක පවුලකට රුපියල් හත්දහස් පන්සියයේ සිට රුපියල් දසදහස දක්වා බැගින් වූ මුදලක් වෙන් කිරීමට නියමිත බව ඇමතිවරයා ප්‍රකාශ කළේ ය.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති ජීවන වියදම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේ ය.

දැනට රටේ පවතින භාණ්ඩ මිල ඉහළ යාම හා ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් ආදායම් අහිමිව සිටින පවුල් සුරක්ෂිත කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට රජය තීරණය කළ බව ඔහු කිය.

මේ අතර, දුෂ්කර ප්‍රදේශවල ළදරු පාසල්වල සිටින සියලු ම දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් සැපයීමට ජීවන වියදම් කමිටුව අවධානය යොමු කළ බව හෙතෙම පැවසීය. රටේ ඇතැම් රැකියාවල නිරත වූ පුද්ගලයන්ගේ ආදායම් අහිමිවීම හා ආදායම් අඩුවීම සැලකිල්ලට ගනිමින් දරුවන්ගේ පෝෂණ තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ යෝජනා වූ බව ද ඇමතිවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

“මහින්ද අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි” – පොහොට්ටුවේ සභාපති ජී.එල්. කියයි

colombotoday

ඉන්දුනීසියානු මුහුදේ රිච්ටර් ඒකක 6.9ක භුචලනයක්

colombotoday

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 997කට වැඩ වරදී

colombotoday

සේරුවිල විහාරාධිපති තනතුර කොටපොළ අමරකිත්ති හිමියන්ට – අධිකරණය තහවුරු කරයි

colombotoday

හිමිනමක් සමඟ නිදන් හොරකම ගිය 7ක් බඩුත් එක්ක මාට්ටු.

Admin

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරාගෙන නෑ.. වසර 10ක බදු අරගෙන පමණයි.. අයිතිය නෙවිල්ටමයි !

colombotoday