Colombo Today Local News

අභිනව ජනපති රනිල් පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙන්න අවසර ඉල්ලයි

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා නිවේදනය කිරීමෙන් අනතුරුව 8වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී ඒ මහතා විශේෂ ඉල්ලීමක් සිදු කළාය.

ඒ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී සිදු කිරීමට අවසර දෙන ලෙසයි.

එහිදී තමා වෙනුවෙන් ක්‍රියා කළ සියලු දෙනාට ස්තුති කළ නව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාව ඉල්ලා සිටින්නේ පරණ දේශපාලනය නොවන බවයි.

එමෙන්ම සියලු දෙනා එකතු වී කටයුතු කරමු යැයි ඩලස් අලහප්පෙරුම , අනුර කුමාර , සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

හිටපු ජනාධිපතිවරුන්වන මහින්ද රාජපක්ෂ මහතා ගෙන් මෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද එම ඉල්ලීම කළේය.

Related posts

විදෙස්ගතවීමට සූදානම්වන සියලු ගුවන් මගීන්ට දැනුම්දීමක්

colombotoday

මහනුවර වැසුණු පාසල් සදුදා යළි ඇරේ..

colombotoday

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

සූරියවැව සැකකටයුතු මරණයක්

Admin

තවත් ගුරුවරු පිරිසකට 5,000 දෙන්න අනුමැතිය

colombotoday

‍”හොර වැඩක් අතේ මාට්ටු.. හෙළිකරොත් නඩු දානවලු.. ඕං අපේ ආණ්ඩුවේ මුදල් ඇමතිගෙ වැඩ” – අනුර දිසානායක

colombotoday