Colombo Today Local News

ව්‍යාපාරවල තනතුරු අත් හැර පාර්ලිමේන්තු ආ ධම්මික පෙරේරා ආයෙත් එන්නේ නෑ?

පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා හෙට(21)දින පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව වාර්තාවේ.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය වෙනුවෙන් ධම්මික පෙරේරා පසුගිය ජූනි 22 වැනිදා පාර්ලිමේන්තුවට පිවිසුණි.

පසුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජූනි 24 දිවුරුම් දුන් හෙතෙම ජූලි 10 වැනි දින ඉල්ලා අස්විය. ඔහු අමාත්‍ය ධුරය හෙබවූයේ දින 16ක් වැනි කෙටි කාලයකි.

ධම්මික පෙරේරා මීට සුලු මොහොතකට පෙර අටවැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමෙදී ඡන්දයද භාවිතා කළේය.

ප්‍රකට ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා ව්‍යාපාරවල ඔහු දැරූ තනතුරුද අත් හැරියේය.

Related posts

අපි නිතරම රට යනවා කියා දොස් කියනවා…

colombotoday

ව්‍යාජ ලිපි පෙන්වා කොළඹට ඇතුළු වන අයට වසර 5ක සිරදඩුවම්

colombotoday

දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙයි

colombotoday

පාර්ලිමේන්තුවේ විග්නේෂ්වරන්ගේ පලමු කතාවෙන්ම ජාතිවාදී ගිනි අවුලයි. ඥානසාර හිමි නොමැති අඩුව දැනෙයි.

colombotoday

හෙට සිට දරුවන් එන්නත්කරණ ස්ථාන

colombotoday

ඉන්දියාව සමග පවතින ගිවිසුමක් දීර්ඝ කරයි

Admin