Colombo Today Local News

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් ව ඇති බැවින් සහය දිය යුත්තේ,පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්,පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බව ද ඔහු සඳහන් කරයි.

ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය පීරිස් මහතා ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම පවසයි.

Related posts

ජනපතිගේ වෙබ් අඩවිය හැක් කළ සිසුවා අවුරුදු 03ක් පරිවාස භාරයට

colombotoday

සහරාන්ගේ ෆේස්බුක් මිතුරන්ගේ තමිල්නාඩු රහස් නිවාස 7ක් වටලයි

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

ඉන්දියානු ආර්ථික වර්ධන වේගය ඉහලට

Admin

පානම දළ පූට්‌ටුවාත් මාස 10 ක්‌ තිස්‌සේ අතුරුදන් !

colombotoday

LTTE මිලේච්ඡත්වය ගැන මෙතෙක් ලොවට හෙළි නොවුණු කතාවක් !

colombotoday