Colombo Today Local News

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

fdff33

මහබැංකු අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශවය සහ අගමැතිවරයාගේ පාර්ශවය අතර දැඩි මතගැටුමක් හටගෙන තිබෙන අතර ඒ හේතුවෙන් ආණ්ඩුවේ පැවැත්ම දෙදරා යෑමේ බරපතල අනතුරක් ඇතිව තිබෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.

මහබැංකු අධිපති ධුරය සදහා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හෝ ස්වාධීන පුද්ගලයකු වීම සුදුසු බව ජනාධිපතිවරයාගේ මතය වී තිබෙන අතර ශ්‍රීලනිපය නියෝජනය කරන ඇමතිවරුන් සියල්ලම පාහේ එම මතයේ සිටින බවද පැවසේ. එමෙන්ම විගණකාධිපති වාර්තාව සත්‍යයැයි සියළුම දෙනා පිළිගෙන තිබෙන අතර එජාපයේ ප්‍රබලයන් පිරිසක්ද එම මතයේම සිටින බවද පැවසේ.

ඒ අනුව මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහැබැංකු අධිපති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා සූදානම්ව සිටියද ඒ සදහා අගමැතිවරයාගේ දැඩි විරෝධය එල්ලවී ඇත. තම සමීප සගයෙකු වන චරිත රත්වත්තේ සහ තවත් නම් කිහිපයක් අගමැතිවරයා විසින් යෝජනා කර තිබෙන අතර ජනාධිපතිවරයා විසින් ඔවුන් ප්‍රතික්ශේප කර ඇත.

එම තත්ත්වය හමුවේ නැවත වරක් අර්ජුන් මහේන්ද්‍රන් පත්කරන ලෙස අගමැතිවරයාගෙන් දැඩි ස්ථාවරයක සිටින අතර, යළිත් කිසිසේත්ම අර්ජුන් මහෙන්ද්‍රන්ට මහබැංකු අධිපති ධුරය ලබා ‍නොදෙන්නැයි ශ්‍රීලනිප සියළු මන්ත්‍රීවරුන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් ජනපතිවරයාගෙන් ඉල්ලා තිබෙන අතර මේ හේතුවෙන් ජනපතිවරයා දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවද ආරංචි මාර්ග සදහන් කරයි.

Related posts

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

හමුදාවන්ට උපකරණ ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 50ක්

colombotoday

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් නෑ… අගමැති අපේක්ෂකකම සජිත් ට !

colombotoday

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

colombotoday

“කුරියර් සේවා” අත්‍යවශ්‍ය සේවාවක්. කිසිදු තහංචියක් පනවා නෑ. සමාගම් හැඳුනුම්පත සහ ලේඛන පෙන්වා ගමන් කල හැකියි.

colombotoday