Colombo Today Local News

ජනපති ආඥා අදාළ නැහැ.. හයිබ්‍රිඩ් යාන්ත්‍රණය ක්‍රියාත්මක කරනවා.. විදේශ ඇමති ජිනීවාහී දී සහතික වෙයි

mangala diaspora 3

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී සම්මත කරගත් ඇමරිකානු යෝජනාවේ තිබෙන යෝජනා සපුරා ඉටු කරන බව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් මණ්ඩලය හමුවේ සහතික වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පමා නොකරන බවද, චෝදනා විභාග කිරීම සදහා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කරන ‘හයිබ්‍රිඩ්’ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රජය බැහැරකර නොමැති බවද ඊළාම්වාදී ඩයස්පොරාවේ නියෝජිතයන්ද සහභාගී වූ සභාවකදී ප්‍රකාශකර ඇත.

ඉකුත් වසරේ ශ්‍රී ලංකා රජයේද අනුමැතිය සහිතව ජිනීවා නුවරදී සම්මත කරගත් ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම, සඳහා වන යෝජනාවෙන් ඉල්ලා තිබුනේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විභාග කිරීමට විශේෂ නීතිඥ වරයකුගේ කාර්යාලයක්, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තියේ නීතිඥවරුන්, අභිචෝදකයන් සහ විමර්ශකයන්, ඇතුලත් ශ්‍රී ලාංකික අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවන ලෙසයි.

නමුත් ඉකුත් පෙබරවාරියේ ‘අල් ජසීරා’ නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තරයේ අවධාරණය කර තිබුණේ ශ්‍රී මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා විභාග කිරීම සදහා ජාත්‍යන්තර යාන්ත්‍රණක් ක්‍රියාත්මක කිරීමට තමන් කිසිසේත් ඉඩ නොදෙන බවයි.

ඒ පිළිබදව ඩයස්පොරා නියෝජිතයන් ප්‍රශ්න කිරීමේදී විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ ‘ඒක අන්තිම ජනාධිපති ආඥාව’ ‍නොවන බවත් රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීන්දුවකට පැමිණ නොමැති බවත්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට සහ දෙමළ ඩයස්පොරාවට ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරන බවත් 2018 වනවිට උතුරේ සියළු ඉඩම් යළි ජනතාවට පවරණ බවත් ඉදිරි කාලයේදී හමුදා බටපිරිස් උතුරෙන් ඉවත් කරගන්නා බවත් විදේශ ඇමතිවරයා ප්‍රකාශ කර ඇත.

Related posts

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

Admin

“IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම. ලංකාව සමග බොහෝ රටවල් විරසකයි”

Admin

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday

ඇමැතිවරු කොළඹ වරාය නගරේ කඳු තරණය කරයි

colombotoday

වවුනියාව, මහකච්චකොඩිය ගම්මානය හුදකලා කරයි

colombotoday

ඇමතිකම් වැඩිකරගැනීමේ සටන අතනාරී… ජාතික ආණ්ඩු යෝජනාව නැවතත් මැතිසබයට…

colombotoday