Colombo Today Local NewsTop Stories

යහපාලන සම්මුතිය කම්මුතුයි… ඉතිරි දෙවසර අදින්න “අන්තර් පාලන රජයක්” එයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව තුළ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීම සදහා ජනාධිපතිවරයා පත්කළ කමුටුවේ වාර්තාව අද 21 නිම කිරීමට නියමිත බව එම කමිටු සභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතා සදහන් කරයි.

අදාළ වැඩපිළිවෙල හරහා යෝජනා කර ඇත්තේ ශ්‍රීලනිපය ඉදිරියේදී ආණ්ඩුවේ කටයුතු කරන්නේ “අන්තර් පාලන දෙවසරක වැඩසටහනකට අනුව බවද හෙතෙම සදහන් කරයි.

එසේම එම පාලනය “අන්තර් පාලන රජය” ලෙස හැඳින්විය හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

අද සකස්කර නිමකරන වාර්තාව 23 වනදා ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසුව පිළිගන්වන බවත් ඊට අනුව එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කර එහිදී ඇති කරගන්නා එකඟතාව මත ආණ්ඩුවේ ඉදිරි දෙවසරක කාලය කටයුතු කෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

Related posts

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 16ක ජල කප්පාදුවක්

Admin

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

colombotoday

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ පුද්ගලයින් 49 දෙනෙකු කොරෝනා. PCR කර ඇත්තේ 100 දෙනෙකුට පමණයි

colombotoday

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday

ජනපති ඉදිරියේ චම්පිකගෙන් ආණ්ඩුවට දොස්මුරයක් !

colombotoday

හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ භූ චලනයක්

Admin