Colombo Today Local News

පෙබරවාරි මාසයේ උද්ධමනය සියයට 17.5 ට නගී

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් පෙබරවාරි මාසයේදී සියයට 17.5 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය ජනවාරි මස පැවැති උද්ධමනය සියයට 16.8ක් විය. පෙබරවාරි මාසයේ සියයට 17.5ක උද්ධමනය සඳහා ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් වැඩිවීම හේතු වී ඇත. මේ අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 24.4 සිට සියයට 24.7 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 10.2 සිට සියයට 11 දක්වා ද ඉහළ ගොස් ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් ආහාර කාණ්ඩය තුළ ඇති සහල්, පරිප්පු, කිරිපිටි, පළතුරු, පොල්, මිරිස් කුඩු, තිරිඟු පිටි, රතු ලූනු, පොල්තෙල්, මාළු, කරවල, වියළි මිරිස්, කුකුල් මස්, තුනපහ කුඩු, පාන්, සීනි සහ ළදරු කිරිපිටි යන ආහාර ද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම පෙබරවාරි මස ආහාර උද්ධමනය සියයට 24.7 දක්වා වැඩිවීමට හේතු වී තිබේ. ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඊයේ (21දා* පෙබරවාරි මස උද්ධමන අගයන් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේය.

මේ අනුව පෙබරවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශකය ඒකක 167.8 දක්වා ඉහළ ගොස් ඇත. පසුගිය ජනවාරි මස ජාතික පාරිභෝගික මිල දර්ශක අගය ඒකක 166ක් විය.

Related posts

වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙක් කැබ් රථයක ගැටෙයි

colombotoday

“අල්ලාහ් කුමන්ත්‍රණ කරුවන්ගෙන් අති විශිෂ්ඨය” ලෙස පැවසීම ප්‍රශ්නයක්නම් එය කුරානයට ඇතුලත් කල පුද්ගලයන් සමග විසඳ ගන්න. – බොදු බල සේනා

colombotoday

පළාත් සභාවේ අවසර නැතිව උතුරේ ඉඩම් ගැනීම තහනම් ! විග්නේෂ්වරන් 13 ට පණ දෙයි

colombotoday

උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් කලින් දීපු ගම්පහ ටියුෂන් සර් කවුද ?

colombotoday

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

ඇතුල්කෝට්ටේ – නාවල මාර්ග යා කරමින් නව පාලමක්

colombotoday