Colombo Today Local News

ඇමති රියදුරු ඝාතනයට දෙදෙනෙක් බාරවෙයි

බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ තවත් දෙදෙනෙක් භාර වූ බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා පවසයි.

එලෙස භාරවී ඇත්තේ අද පෙරවරුවේ කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයාගේ පියා සහ සහෝදරයෙකු බවත් පොලිසිය සඳහන් කරයි.

කැස්බෑව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාර තරුණයා තුවාල ලැබීම හේතුවෙන් කලුබෝවිල ශීක්ෂණ රෝහලේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රතිකාර ලබන අතර තුවාල වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිස් නිලධාරියකු සදහන්කරයි.

රියදුරාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ මව හා තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.

Related posts

ජනපති ඝාතන කතාව ‘හින්දු‘ පුවත්පතට කී ‘සමලිංගික‘ ඇමති කවුදැයි සොයන්න පරීක්ෂණයක්…

colombotoday

එක පිට එක ඇණකොන්ඩා… කැම්පේන් එක අල කරනවා කියා හෙළිදරව් ඇමතිට සජිත් පිළෙන් දොස් !

colombotoday

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

colombotoday

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

සාලිය ද? කුවේරා ද? තීන්දුව අනිද්දා. වැඩි වාසි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ට

colombotoday

ග්‍රාම නිළධාරීනියට තර්ජනය කළ හිටපු ප්‍ර.සභා මන්ත්‍රී අත්අඩංගුවට

Admin