Colombo Today Local News

යතුරු පැදියක ගැට ගසා, මාවක් ඔයේ ගිල්වා මැරූ ඇටසැකිල්ලක සුලමුල හෙළිවෙයි

හොරණ මාවක් ඔයේ තිබී යතුරු පැදියක ගැටගසන ලද පුද්ගල ඇටසැකිල්ලක් සොයා ගැනීමෙහි සිද්ධියෙහි සුල මුල අනාවරණය වී තිබේ. ඒ, හොරණ මුලස්ථාන පොලිසිය සිදු කළ විමර්ෂණයකට අනුවයි.

ඉකුත් පෙබරවාරී මස 11වනදා සොයා ගත් මෙම ඇටසැකිල්ල සම්බන්ධයෙන් කළ විමර්ෂණයෙදී අනාවරණය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි.

ඔහු යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ අයෙක්. ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා කලක් තිස්සේ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇත. ඝාතනයට ලක් වූ පුද්ගලයා, ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසටද ආගිය අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඔහු ප්‍රධාන සැකකරුගේ බිරිදට අනියම් ඇසුරක් සඳහා වරින් වර විවිධ යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ හට ගැණුනු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසයි.

Related posts

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 08 වැනි දිනය අද

Admin

පළමු පාසල් වාරයේ විභාග නොපැවැත්වීමට තීරණයක් !

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

නව හැවිරිදි දැරියන් දෙදෙනෙකු අපහරණය කළ කැකිරාවේ මව්ලවි අත්අඩංගුවට !

colombotoday

ඝාතන කුමන්ත්‍රණ කෙසේ වෙතත් ගෝඨාභයට ආරක්‍ෂාව දිය යුතුයි… – එජාප මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

මල්වතුහිරිපිටිය භික්ෂූ ඝාතන සිදුවීමේ වෙඩික්කරු අත්අඩංගුවට

Admin