Colombo Today Local News

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

අප්‍රේල් මස අග සිට මේ දක්වා විදෙස් ගමන් බලපත්‍ර සඳහා අසාමාන්‍ය ඉල්ලුමක් පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

දෛනිකව දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන සෑම ඉල්ලුම්පත්‍රයක් සඳහාම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඒ අනුව, දෛනිකව එක්දින සේවාව මගින් නිකුත් කෙරෙන උපරිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500 කි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව පැවසුවේ, උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවා ලබාදීමෙන් උපරිම ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කෙරෙන බවයි.

ඒ හේතුවෙන්, සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ යම් ප්‍රමාදයක් පවතින බව ද ඇය ප්‍රකාශ කළා ය.

වසරේ ගත වූ කාලය තුළ වැඩිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර ඇත්තේ මාර්තු මාසයේදීය.

එම සංඛ්‍යාව 74,890 කි.

ජනවාරි, පෙබරවාරි, අප්‍රේල් හා මැයි මාසවලදී 50,000 ඉක්ම වූ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත් කර තිබේ.

2021 වසරේ නිකුත් කර ඇති සමස්ත විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 382,506 කි.

Related posts

වරාය වෘත්තීය සමිති වෙත අධිකරණය දුන් නියෝගයක් තවදුරටත් දීර්ඝ කෙරේ…

Admin

වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ වැඩ භාර ගනි.

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි ?

colombotoday

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

චන්දිමාල් ගේ උපන්දින පාටියට අවසර දීම. ෂැන්ග්‍රි-ලා හෝටලයේ කළමනාකාරිත්වයට එරෙහිව නඩු

colombotoday