Colombo Today Local News

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

සුපිරි මෝටර් රථයක් බීමත්ව ධාවනය කරමින් මහ මග ගමන්ගත් පුද්ගලයෙකු අනතුරට ලක්කර පලාගිය සමගි ජන බලවේගයේ දේශපාලන ප්‍රබලයකු මෙන්ම ප්‍රකට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතකු ඇතුළු දෙදෙනෙකු මහජනතාව විසින් අල්වාගෙන කඳාන පොලිසිය වෙත ඊයේ(23)දින බාර දී තිබේ.

ජා ඇල වැලිගම්පිටිය තුම්පෑලිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති අතර මෙහි සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික මර්වින් ධර්මවර්ධනගේ හෙවත් ගුරුගේ මැනික් ව්‍යාපාරිකයාගේ පුතු සිටින බව කඳාන පොලිසිය සඳහන් කරයි. මෙම රථය කෝටිපති ව්‍යාපාරිකයාට අයත් අතර මෙහි ගමන්ගත් දෙදෙනාම බීමතින් සිට ඇත. අනතුරින් මියගොස් ඇත්තේද කඳාන ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි.

මෙම අනතුර කා අතින් සිදුවූයේද වග ආරක්ෂිත කැමරා දර්ශන ආශ්‍රයෙන් පරීක්ෂා කරන අතර බීමතින් රිය පදවා මාරක රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව මත වාහනය පැදවූ සැකකරු අත්අඩංගුවට ගන්නා බව කඳාන පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කරයි.

Related posts

ස්විස් තානාපති ‌‌සේවිකාව දෙවන දිනයටත් කටඋත්තර දෙන්න එයි

colombotoday

මහ බැංකුවේ නිල සංචිතවල සුළු පහත වැටීමක්

Admin

දුම්රියේ ගැටී වන අලි 4ක් මරුට

Admin

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ තවත් කතා එළියට… ළගදීම තවත් හෙළිදරව්වක්…

colombotoday

දේවාලයක පඬුරු පෙට්ටියට විද්ද හොරාට කපුවා ත්‍රිශූලයෙන් අනී

colombotoday