Colombo Today Local News

විදේශීය පොහොර වෙනුවට ජෛව පොස්පේට් වෙළෙඳපොළට

විදේශීය පොහොර භාවිතයට විකල්පයක් ලෙස ඉදිරි මාස දෙකක් පමණ කාලය තුළදී ජෛව පොස්පේට් (කාබනිකව ජීර්ණය කරන ලද පොහොර) මෙට්‍රික් ටොන් 50ක් පමණ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානමින් සිටින බව ලංකා පොස්පේට් සමාගමේ සභාපති ඉංජිනේරු අනිල් රණසිංහ පවසයි.

මේ වන විට එම නිෂ්පාදන සිදු කිරීමට අදාළ පර්‌යේෂණ පොහොර සමාගම තුළ සිදු කරමින් පවතින බවත් මෙහි සාම්පල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය. එහි වාර්තාවද තවත් සති දෙකක පමණ කාලය තුළ ලැබීමට නියමිත බව ඔහු පැවැසීය. ප්‍රධාන වශයෙන් කාබනික පොහොර භාවිතකරමින් ගොවිතැන් කටයුතු සිදු කරන ගොවීන් ඉලක්ක කර ගනිමින් මෙම පොහොර වෙළෙඳපොළට නිකුත් කරන බව සභාපතිවරයා පැවැසීය.

එසේම එම පොහොර සම්බන්ධව ඉදිරියේදී මිල නියම කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ සිටම හොරකමට සෘජුව සහ වක්‍රව සම්බන්ධයි – මන්ත්‍රී මදුර විතානගේ

colombotoday

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

colombotoday

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

ජනාධිපති මාධ්‍ය අංශයෙන් භික්ෂුන් වහන්සේලාට එරෙහිව “මඩ” ව්‍යාපාරයක්

colombotoday

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin