Colombo Today Local News

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

මූල්‍ය ආයතනයක් බිඳ මුදල් සොරකම් කිරීමේ සිද්ධියකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු සහ සැකකාරියන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකළ විමර්ශනයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ජනවාරි මස 31 වනදා හලාවත පොලිස් වසමේ මූල්‍ය ආයතනයක් බිඳ මුදලින් රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලවී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ පොලීසිය ඊයේ (04) කොල්ලුපිටිය ප්‍රදේශයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු 28 හැවිරිදි වියේ පසුවන දෙනියාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කලේ.

සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකාරියන් දෙදෙනා මාදිවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාරියන් පස්ගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 46 හැවිරිදි වියැති බවයි පොලීසිය පවසන්නේ.

හලාවත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

නීති විරෝධී ලෙස මෙරටට එවූ බීඩී කොළ කිලෝ 1456ක් මන්නරෙමෙන් සොයා ගනී

colombotoday

පොහොට්ටුවේ 6ක් දුරකථනෙට පනී

Admin

තවත් ශ්‍රී ලංකන් යානා දෙකක් පාකිස්ථානයට විකුණා දමයි !

colombotoday

කටුනායක ආයෝජන කළාපයේ කර්මාන්තශාලාවක ගින්නක්

colombotoday

සෞඛ්‍ය සේවකයෝත් විරෝධයේ

colombotoday