Colombo Today Local News

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

අතුරුදන්වූවන් සදහා වූ කාර්යාලය (OMO) ඉතා සාර්ථක ආයතනයක් ලෙස ඉතා ඉක්මනින් වැඩ ආරම්භ කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

මෙම කාර්යාලය පිහිටුවීමෙන්, යුධ අධිකරණයට පමුණුවන්නේ යුද්ධයේදී වැරදි සිදු කළ හමුදා නිලධාරීන් යුධ අධිකරණයට පමුණුවන බවත්, හැම නිළධාරියෙකුටම එසේ දඩුවම් ලබා නොදෙන බවත් හිටපු ජනාධිපතිනිය ඊයේ (20) කොළඹදී පැවසුවාය.

යුද්ධයෙන් පීඩාවට පත් වූ වින්දිතයින්ට සහන සැලසීම වෙනුවෙන් පිහිටවූ අතුරුදන්වූවන්ගේ කාර්යාලය ස්ථාපිත කිරීම මේවනවිට අවසන් අදියරේ පවතින බවත් ඉතාමත් හොඳ සකස් කර තිබෙන ආයතනයක් ලෙස මේ වසර තුළඳී ඉතා ඉක්මනින් ක‍්‍රියාත්මක කළ යුතු බවත් හිටපු ජනපතිනිය කියා සිටියාය.

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුව තුල සම්මතවී ඇතත්, එම කාර්යාලය පවත්වාගෙන යන්නේ කවරකු යටතේදැයි ජනාධිපතිවරයා විසින් මෙතෙක් ගැසට් කර නොමැත.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට පොරොන්දු වූ පරිදි, අතුරුදන් වූවන් පිළිබඳ දේශපාලන කාර්යාලය පිහිටු වීමට මෙතෙක් කටයුතුකර නැති බව උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේශ්වරන් මහතා, පසුගියදා යාපනයේ සංචාරයක යෙදුන යුරෝපා සංගමයේ තානාපති මන් මාර්තිව් මහතා වෙත පැමිණිල්ලක්‌ කර තිබිණ.

Related posts

රංගේ බණ්ඩාරත් ඉවත් වෙයි !!

colombotoday

පරිභෝජනයට නුසුදුසු කෝටි 15ක පාන්පිටි තොගයක් වටලයි

Admin

අපේ රහස් මාධ්‍යයට කියන්න එපා! එ.ජා. නියෝජිතයෝ එක්නැලිගොඩ බිරියට කියයි

colombotoday

විමල් වීරවංශ නිදොස් කොට නිදහස්

Admin

‘ජනපති මෛත්‍රී ඉන්නකල් රට සුරක්ෂිතයි.. බුද්ධාගම නැති කරනවායි කීම පාපකර්මයක්‘ – ශාන්ත බණ්ඩාර

colombotoday

ඉරානයෙන් යූරියා දෙන්න එකඟවෙයි

colombotoday