Colombo Today Local News

පොලිසියේ 129ක් නොතකා ඇමති රංගේට සහන සැලසූ පොලිස් කොමිසමට පොලිසියෙන්ම විරෝධය

දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීමට ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව දේශපාලන පළිගැනීමට ලක්වූ බවට නිර්දේශ වූ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටියදී වත්මන් රජයේ අමාත්‍යවරයකු වූ පාලිත රංගේ බණ්ඩාර මහතාට පමණක් උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම අනුගමනය කළ ක්‍රියාමාර්ගයට දැඩි විරෝධය පළ කරන බව දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීහු පවසති.

මෙම සිදුවීමෙන් පෙනී යන්නේ ස්වාධීනව කටයුතු කළ යුතු පොලිස් කොමිසම පක්ෂග්‍රාහීව කටයුතු කරන කොමිසමක් බවට ප්‍රසිද්ධියේ මුළු රට හමුවේම පෙන්වා දී ඇති බවට එම නිලධාරීහු චෝදනා කරති.

අදාළ අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව සහන සලසා දිය යුතු බවට නිර්දේශවූ දේශපාලන පළිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 129කි. මෙම පිරිසට නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු, උප පොලිස් පරීක්ෂකවරු හා සැරයන්වරු අයත්වෙති.

Related posts

නංගිට ඉංග්‍රීසි බෑ – රිෂාඩ්ගේ නිවසේ මියගිය ඉෂාලිනිගේ සොහොයුරා පවසයි.

colombotoday

කතරගම මහ පෙරහැරේ ගිය ඇතෙකු අත්අඩංගුවට ගනී

colombotoday

වී කන්න ආ වන අලියා පෙරැලු බිත්තියට යට වී තරුණයෙක් මරුට

Admin

විදුලි බිල නගී.. 66% ගාස්තු සංශෝධනයට බිල වැඩි වෙන්නේ මෙහෙමයි

Admin

බදුල්ලේ තරුණයාට පහරදුන් “හරක් මස් කඩේ නානා”ගේ පුතා ඇතුළු කල්ලිය තවමත් නිදැල්ලේ

colombotoday

කුරිරුලෙස සෞදියේ ගල්ගසා කාන්තාවක් මරා දමන වීඩියෝව

colombotoday