Colombo Today Local News

ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක බව යුරෝපා සංගමය පවසයි.

එම සංගමය සදහන් කරන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය යළි තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබදව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි.

යුරෝපා සංගම් දූත මණ්ඩලය ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, නෙදර්ලන්තය, රුමේනියාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල තානාපති සහ මහකොමසාරිස් කාර්යාලය සමග ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර තිබේ.

සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යනු ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකෙන බව එම නිවේදනයෙන් යුරෝපා සංගමය පෙන්වා දෙයි.

වැඩිදුරටත් යුරෝපා සංගමය ඉල්ලා සිටින්නේ සියලු පාර්ශවවලට සාමකාමීව කටයුතු කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

Related posts

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසුම අද

colombotoday

“රනිල් එපා.. එජාපයට නව නායකයෙක් ඕන” – දිස්ත්‍රික්ක 25ක එජාප ක්‍රියාකාරීහු එක්ව ඉල්ලති

colombotoday

රැකියාවක් දෙන්න ලක්ෂ 3ක් ගත්තා. වැඩකලේ ජාතිවාදී ලෙසයි. කබීර්ට විරුද්ධව සිරිකොතට පැමිණිලි ගලා එයි

colombotoday

අර්ජුන් ඇලෝසියස්‌ ෆොන්සේකාටත් සල්ලි දීලා

colombotoday

එල්පී ගෑස් රැගත් නෞකාවක් කොළඹ එයි

colombotoday

ජනපතිගේ දේශපාලන ආගමනයට දින 100000 යි.. උත්සවයට සෙනග නෑ.. ප්‍රචාරක වියදම් වතුරේ !

colombotoday