Colombo Today Local News

අහින්සක නිරූපමායි නඩේෂනුයි විඳින වේදනාවෙන් ගලවා ගන්නැයි ජනපතිගෙන් අයදියි

තමන් තම බිරිද සම්බන්ධයෙන් පැනඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු කාරණා ගැන විමර්ශනයක් කරන්නැයි හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා ඉල්ලා සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම ඉල්ලීම කර තිබේ.

ස්වාධීන විමර්ශන නිලධාරියෙකු හරහා මෙම විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සිටින නඩේෂන් මහතා ඒ සඳහා තම උපරිම සහාය ලබාදෙන බවද එම ලිපිය මගින් සඳහන් කරයි.
නඩේෂන් මහතා සදහන් කරන්නේ මෙම චෝදනා හේතුවෙන් තමන්ට සහ තම බිරිඳ දැඩි මානසික පීඩාවකට පත්ව ඇති බවයි.

ඉන් මිදීම සඳහා පරීක්ෂණ වලින් තමන් නිවැරැදි බව තහවුරු කිරීමට අවශ්‍ය බව ඔහු සදහන් කරයි.

තමන් සහ තම බිරිද සම්පූර්ණයෙන්ම නිර්දෝෂී බවත් කිසිදු වරදකට වරදකරු නොවන බවත් සහතික කර ප්‍රකාශ කර සිටින බවත් තිරුකුමාර් නඩේෂන් මහතා ජනපති වෙත යොමු කළ ලිපියේ වැඩිදුරටත් සදහන් වේ.

තිරුකුමාරන් නඩේෂන් මහතා ජනපති වෙත යොමු කළ ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍යවරයා වෙත ද යොමු කර ඇත.

Related posts

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

colombotoday

22 සංශෝධනය ගැසට් කරයි

colombotoday

දෙසැම්බර් හයවැනිදා යළිත් සුළි කුණාටුවක්..! විදෙස් අනාවැකි අනතුරු අගවයි…

colombotoday

සංචරණ සීමා ලිහිල් කිරීමෙන් පසු රිය අනතුරු ඉහළ ගිහින්

colombotoday

බස්නාහිර පළාතේ එන්නත් නොගත් පුද්ගලයින් සොයා සමීක්ෂණයක්..

colombotoday

ඥාණසාර හිමි හෝමාගම අධිකරණයට.. දයාරතන හිමි කොළඹ අපරාධ කොට්ඨාසයට !

colombotoday