Colombo Today Local News

දෙසැම්බර් හයවැනිදා යළිත් සුළි කුණාටුවක්..! විදෙස් අනාවැකි අනතුරු අගවයි…

මධ්‍යම බෙංගාල බොක්කේ යළිත් වර්ධනය වෙමින් පවතින කැළඹිලි සහගත තත්ත්වය සුළිකුණාටුවක් බවට වර්ධනය වී, දෙසැම්බර් 6 දා පමණ වන විට ලංකාව ආසන්නයෙන් ඉන්දියාව දෙසට ගමන් කිරීමේ අවදානමක් ඇතැයි විදෙස් කාලගුණවිද්‍යා වෙබ් අඩවි කිහිපයක් සදහන් කර තිබේ.

එවන් සුළඟක් වර්ධනය වුවහොත් එය ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ප්‍රදේශ හරහා හමා යනු ඇති බව ඔවුහු දක්වති.

ශ්‍රී ලංකාවේ රට අභ්‍යන්තරයට සුළඟේ බලපෑමක් ඇතිවෙතැයි යනුවෙන් අනාවැකි පළ කළ නොහැකි නමුත්, වායුගෝලීය තත්ත්වයන්ගේ වෙනස්වීම් මත සුළඟේ දිශාව වෙනස් විය හැකි බවත් ඔවුහු සඳහන් කරති.

නිවාස ආසන්නයේ ඇති අවදානම්සහගත ගස් ඉවත්කිරීම, අවදානම්සහගත ගොඩනැගිලිවලින් ඉවත්ව සිටීම, උතුරු නැගෙනහිර වෙරළේ ධීවර කටයුතු සීමාකිරීම ආදී පූර්ව ආරක්ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම වඩාත් සුදුසුය.

Related posts

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday

රුපියල කඩා වැටී නෑ… ඕන නම් රුපියලේ අගය 115ට ගෙනආ හැකියි – රාජ්‍ය ඇමති සුජීව

colombotoday

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

colombotoday

රට සහ පක්ෂය ගැන සිතා කරු ජයසුරිය ගත් තීරණය එජාප නායකත්වයට දැනුම් දෙයි

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

colombotoday

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday