Colombo Today Local News

දුම්රිය දෙපාර්තමේන්තුව සතු එකම ටැම්පින් යන්ත්‍රය චීන සමාගමකට… රජයට කෝටි ගණනක පාඩුවක්…

දුම්රිය දෙපාර්තමේන්තුව සතු මාර්ග නඩත්තු කටයුතුවලට යොදාගන්නා සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැමිපිං යන්ත‍්‍රය මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා චීන ජාතික සමාගමකට ලබා දීම නිසා ශ‍්‍රී ලංකා රජයට ප‍්‍රමාද ගාස්තු ලෙස ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක මුදලක් අහිමි වන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා මේ සම්බන්ධයේන අවධාරණය කරමින් ප‍්‍රවාහාන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පිලියක්ද යොමු කර ඇත.

එම ලිපියේ පිටපතක් මාධ්‍ය වෙතද නිකුත් කර ඇති අතර එම ලිපිය සම්පූර්ණයෙන් පහතින් පල වේ.

“ලේකම්,

ජී.එස්.විතානගේ මැතිතුමා,

ප‍්‍රවාහාන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය,

සෙත්සිරිපාය,

බත්තරමුල්ල.

දුම්රිය ටැම්පිං යන්ත‍්‍රය චීන ජාතික සමාගමකට ලබාදීම අත්හිටුන ලෙස ඉල්ලීම

දුම්රිය මාර්ග නඩත්තු කටයුතුවලට යොදාගන්නා දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැමිපිං යන්ත‍්‍රය මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා චීන ජාතික සමාගමකට ලබා දීම නිසා ශ‍්‍රී ලංකා රජයට ප‍්‍රමාද ගාස්තු ලෙස ලබාගත හැකිව තිබූ රුපියල් කෝටි ගණනක මුදලක් අහිමි වනු ඇත.

අමෙරිකානු ඩොලර් මිලියන 278.2 ක එනම් රුපියල් මිලියන 41730 කට අධික වියදමක් කරමින්, චීන ජාතික යන්ත්‍රෝපකරණ ආනයන හා අපනයන සමාගම කි.මී. 27 ක මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිිකිරීමේ කටයුතු ආරම්භ කරන ලැබුවේ 2013 අගෝස්තු මාසයේදීය. 2016 අගෝස්තු මාසය වන විට මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන්කර දුම්රිය දෙපාර්තමේන්තුවට භාර දිය යුතු වුවත්, එසේ කිරීමට අදාල සමාගම අපොහොසත් විය. එම අවස්ථාවේදී ද ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මැදිහත්වී එම ව්‍යාපෘතියේ කාලය 2017 සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීම නිසා එම සමාගමෙන් අයකර ගත යුතු ප‍්‍රමාදගාස්තු අයකර ගැනීමට නොහැකි විය. 2018 වසර අවසන් වන තුරුත් මෙම ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමට නොහැකි වී ඇත්තේ දුම්රිය මාර්ග ඉදිකිරීමට මෙම සමාගමේ අති අපොහොසත්කම නිසාය. ඒ අනුව මෙම සමාගම අසාධු ලේඛන ගත කළ යුතු සමාගමකි.

තත්වය එසේ තිබියදී, දුම්රිය දෙපාර්තමේන්තුව සතු සක‍්‍රීය මට්ටමේ පවතින එකම ටැම්පිං යන්ත‍්‍රය මෙම සමාගමට ලබාදීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව අදාල සමාගමෙන් අයකර ගතයුතු රුපියල් කෝටි ගණනක ප‍්‍රමාදගාස්තු (Demurrage) ශ‍්‍රී ලංකා රජයට අහිමිවී ඇත. එපමණක් නොව මෙම ටැම්පිං යන්ත‍්‍රය පැවරීමේදී නඩත්තුව පිළිබඳව ගිවිසුමකට හෝ එකඟතාවයකට පැමිණ නැත. එවැනි තත්වයක් මත මෙම යන්ත‍්‍රයට කවරහෝ හානියක් සිදුවුවද එය දුම්රිය දෙපාර්තමේන්තුව විඳ දරාගත යුතුව ඇත.

මේ තත්වය මත මෙම චීන ජාතික සමාගම අසාධු ලේඛන ගත කරන ලෙසත්, මෙම ඉදිකිරීම් කටයුතු සඳහා දෙපාර්තමේන්තුව සතු ටැම්පිං යන්ත‍්‍රය පැවරීම වහාම අවලංගු කරන ලෙසත් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

මේ සම්බන්ධයෙන් ඔබ තුමා ගනු ලබන කි‍්‍රයාමාර්ගය පිළිබඳව අප සන්ධානය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,

සම කැඳවුම්කරු

ස්.පී.විතානගේ

Related posts

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 10 – මැ.කො. නිවේදනය කරයි

colombotoday

ගෝඨාභය ජනාධිපතිවරණයට එන බවක් මහින්ද කිව්වේ නැතිලු

colombotoday

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

Admin

කාබනික පොහොර නිෂ්පාදනයට රණවිරු සේවා අධිකාරියත් එක්වෙයි.

colombotoday

ගෝඨාගේ ඉදිරි දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක්

colombotoday

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි….

colombotoday