Colombo Today Local News

කල් ඉකුත් වූ කදුලු වායු විනාශ කිරීමට නියෝග

පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) විනාශ කරන ලෙස රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා ) පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

කඳුළු වායු කිසිවිටකත් පාවිච්චි නොකරන බවත් ඒවා අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කර ඇති බවත් පොලිස්පතිවරයා ඇතුළු ප්‍රධානීහු එම කමිටුවට මෙහිදී පෙන්වා දී ඇත.

එසේම කඳුළු ගෑස් මහජන කැරලි කෝලහල පාලනයේදී ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව යොදා ගැනීම සම්බන්ධයෙන්ද වාර්තාවක් සකස් කර ඉදිරිපත් කරන ලෙස කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

මේ අතර අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට පත්වීමට කාන්තාවන් සදහා අවස්ථාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව පොලිස් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා මෙහිදී පැවසීය.

ඒ අනුව කාන්තා පොලිස්පතිවරියක අනාගතයේදී බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇතැයිද පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

රජු ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදවද මෙහිදි විශේෂ අවධානය යොමුවිය. දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු ප්‍රකාශ කළහ.

එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව මෙහිදී පෙන්වා දුන්නේය.

Related posts

සියලුම ආයතනවලට ආවේණික පුරාණ තොරතුරු රැස් කිරීමේ “පුරා කුටියක්”

colombotoday

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ – අධිකරණ ඇමැති අලිසබ්‍රි මවුලානා

colombotoday

රජයේ වෙබ් අඩවි 4 කට සයිබර් ප්‍රහාරයක්

colombotoday

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

colombotoday

අක්කර 600 ක් විතරක් බෑ. අපිට සේරම ඕනි – විග්නේෂ්වරන්

colombotoday