Colombo Today Local News

‘‘මොහාන් පීරිස් ඉවත් කිරීම නීතියට පටහැනියි‘‘ – අධිකරණ ඇමැති අලිසබ්‍රි මවුලානා

හිටපු ජනාධිපති මෛත්‍රීපාල මහතා, හිටපු අගවිනිසුරු මොහොන් පීරිස් මහතා එම තනතුරින් ඉවත් කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට සහ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනිව යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලිසබ්‍රි මවුලානා මහතා පවසයි.

අගවිනිසුරු ඉවත් කිරීම ජනාධිපතිවරයකු හිතෙන හිතෙන විධියට කළ නොහැකි බවත් එය කළ යුත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රියාවකින් පමණක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.

සිදුවූ එම වරද වහා නිවැරදි කළ යුතු බව කී සබ්‍රි මහතා අගමැතිවරයා සමග සාකච්ඡාකර ඒ සම්බන්ධයෙන් පසු පියවර ගන්නා බව ද පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2013 වර්ෂයේ ජනවාරි 15 වැනි දා මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධූරයට පත් කරනු ලැබූ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වර්ෂයේදී මොහොන් පීරිස් මහතා එම පත්වීම අවලංගු හා බලශූන්‍ය කළ බවත් ඇමැතිවරයා සඳහන් කරයි.

Related posts

ඉන්දියාව – චීනය, ලංකාව මැදි කරගෙන යළි ගැටුමක

colombotoday

බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday

විග්නේෂ්වරන් ඉවතට ! උතුරේ නව මහඇමති ශිවාජිලිංගම් ??

colombotoday

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගය කථානායකට භාර දෙයි

colombotoday

තිස්සමහාරාම වැව හාරන්න චීන – ශ්‍රී ලංකා හවුල් සමාගම අවසරයක් ගෙන නැහැ

colombotoday