Colombo Today Local News

පහර දීමකින් රෝහල් ගත කළ තරුණයා රෝහලට ඇවිත් මරා දමයි

පහර දීමක් හේතුවෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයකුට, රහසිගතව ඇතුළු වූ අයකු එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මරා දමා ඇතැයි අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 15, මන්නාරම් පාර, මැදවච්චිය ලිපිනයේ පදිංචිව සිටි බී.ඩබ්ලිව්.රුවන්ජිත් විජිත 24 හැවිරිදි පුද්ගලයෙකි.

මැදවච්චියේ දී සිදු වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් අනතුරුව සිව් දෙනකු එක්ව මෙම පුද්ගලයාට පොලුවලින් පහර දීම හේතුවෙන් බරපතළ තුවාල ලබා එම තරුණයා රෝහල් ගත කර තිබූ බව පොලීසිය කියයි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11වන වාට්ටුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම රෝහලේ පිහිටි මහාචාර්ය ඒකකයේ 4වන මහලේ පිහිටි, පිරිමි ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී, තියුණු ආයුද ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලීසිය කියයි.

සැකකරු පලා ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මරණකරු බන්ධනාගාර ගතව සිට මීට දින කිහිපයකට පෙර ඇප මත නිදහස් වූ අයකු බවද වාර්තා වේ.

Related posts

ඇමරිකානු 30/1 ක යෝජනාව ක්‍රියාත්මක කිරීම ගැන ඇමරිකාවෙන් ලංකා රජයට පැසසුම්..

colombotoday

වරාය, ගුවන්තොට විකිණීමට එරෙහිවූ අයට කදුළු ගෑස්, ජල ප්‍රහාර.. හම්බන්තොට උණුසුම් තත්ත්වයක් !

colombotoday

පාසල් යලි අද සිට ආරම්බ වේ.

Admin

ශ්‍රී ලාංකීය තබ්ලික් ජමාත් අනුගාමිකයින් 33 ක් ඉන්දීය අසාදු ලේකනයට

colombotoday

සුවය ලැබු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 620ක් දක්වා ඉහලට

colombotoday

වරාය විකුණන්න හදන්නේ ආණ්ඩුවේම බලවතුන් පිරිසක්.. මළත් විකුණන්න දෙන්නෑ.. වරාය නි. ඇමති

colombotoday