Colombo Today Local News

වල් අලියෙකුගේ පහරකින් පියෙක් මරු දකී

ගල්ගමුව, මහගල්කඩවල, නෙළුම්ගම, පදිංචිව සිටි එක් දරු පියෙකු වල් අලි පහරදීමකින් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

මරණකරු එගම පදිංචිව සිටි එම් එම් උපාලි නමැති පනස් හය හැවිරිදි පියෙකු බව පරීක්ෂණවලදි හඳුනා ගෙන ඇත.

ඔහුගේ ගෙවත්තට ඊයේ (27) රාත්‍රී දහයට පමණ වල් අලි දෙදෙනකු පැමිණ ඇති බවත්, ඒ අලි ගෙහිමියන් විසින් කෑ කෝ ගසාපලවා හරිනු ලැබ ඇතැයි අනාවරණය වී තිබේ.

එම සිද්ධියෙන් පැය භාගයකට පමණ පසු නැවත නිවස අසළින් ම ශබ්ද ඇසීම නිසා මේ පියා විදුලි පන්දම දල්වාගෙන මිදුලට පැමිණ ඇති බව ද, ඒත් සමඟ ම වැසිකිළියට මුවා වි සිටි අලියෙකු ඉදිරියට පැමිණ ඔහුට පහරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

මේ ගෙවත්තට මුල් අවස්ථාවේම වල් අලි තිදෙනෙකු පැමිණ ඇති බවත්, ඉන් එකෙකු වැසිකිළියට මුවා වි සිටීම නිසා ඔහුට ඒ අලියා නොපෙනෙන්නට ඇතැයි පොලිසිය පවසයි. එසෙ රැඳී සිටි අලියා ඔහුට පහරදී ඇති බව ද ඔවුහු කියති.

වල් අලි පහරදීම නිසා බරපතළ තුවාල ලැබු ඔහු ගල්ගමුව මූලික රෝහලට රැගෙන විත් ඇතත් ඒ වන විටත් මියගොස් සිට ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි.

Related posts

යතුරැ පැදියේ ගැටුණු ගැබිනි මවගේ කුසෙහි බිළිදා මියයයි. – යතුරැ පැදි කරැ රිමාන්ඩ්

colombotoday

ශ්‍රීලනිප ආණ්ඩුවක් හදන්න සූදානම් – ජනපති

colombotoday

ලයන් බියර් කොම්පැණියට මුදල් ඇමතිගෙන් සුපිරි බදු සහන.. බිලියන ගණනක් රජයට පාඩුයි !

colombotoday

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

colombotoday

ගම්දෙවනත් කළ අවිගත් කල්ලිය සොයා මෙහෙයුම්

colombotoday

ජාතික නිදහස් දිනය දා මත්පැන් – මස් අළෙවිසල් වහයි

colombotoday