Colombo Today Local News

නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යවශ්‍යයි… ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක් !

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

වගකිම් විරහිතව ක්‍රියා කිරීමෙන් රටක් වශයෙන් ප්‍රශ්න රැසකට මුහුණදීමට සිදුවිය හැකි බව ඔහු අවධාරණය කළේය. ලෝකයේ ප්‍රධාන රටවල් රැසක් පාලනය කළ නොහැකි අන්දමින් කොරෝනා වෛරසය ව්‍යාප්තියට මුහුණ දී සිටී. මේ තත්ත්වයෙන් ජනතාව ආරක්ෂා කිරීමට අරඹා ඇති නිරෝධායන ක්‍රියාවලියට සියලුදෙනාගේ සහාය අත්‍යාවශ්‍යව ඇතැයි ජනාධිපතිවරයා  සඳහන් කළේය.

චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොරෝනා වෛරසය පැතිරයාම ආරම්භයේ සිට රටටත්,
ජනතාවටත් පීඩාවක් නොවන ආකාරයෙන් පාලනය කිරීමට රජයට හැකි වූ බව ජනාධිපතිවරයා පැවසීය.

සෞඛ්‍ය ඇතුළු සියලු ක්ෂේත්‍ර විධිමත්ව සහ සැලසුම්සහගතව ක්‍රියා කිරීමෙන්  ව්‍යාප්තිය වැළැක්වීමට හැකි විය. තවදුරටත් එම තත්ත්වය පවත්වාගෙන යාමට රජය ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළට සහ සෙසු ක්‍රියාමාර්ගයන්ට සියලු පාර්ශ්වයන්ගේ පූර්ණ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉදිරියටත් ගතයුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර රැසක විශේෂඥයන් සහ ප්‍රවීනයන් සමග අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසය මෙරට දී ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා ඊයේ (10) පස්වරුවේ හඳුනා ගැනිණ. 52 හැවරදි මොහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස ක්‍රියා කළ අයෙකි. ඉතාලි ජාතික සංචාරක කණ්ඩායම් දෙකකට ඔහු සේවා සපයා තිබේ. රෝගියා මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇත. ඔහු හබරණ සහ දික්වැල්ල ප්‍රදේශවල සංචාරයේ නිරතව තිබේ. එම ස්ථාන සහ පුද්ගලයන් සම්බන්ධයෙන්  සෞඛ්‍යමය ක්‍රියාමාර්ග මේ වන විට ගෙන ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

මඩකලපුවේ මධ්‍යස්ථාන දෙකක 685 දෙනෙක් නිරෝධායනයට ලක් කර සිටිති. ඉතා කෙටි කාලයකදී ඔවුන්ට දිය හැකි උපරිම පහසුකම් සුදානම් කිරීමට යුද හමුදාව සහ සෞඛ්‍ය බලධාරීන් ක්‍රියා කළ බව හමුදා මාණ්ඩලික ප්‍රධානි ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය. හැදල සහ දියතලාව මධ්‍යස්ථාන ද නිරෝධායනය සඳහා සුදනම් කර තිබේ.

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන ශ්‍රී ලාංකිකන් මෙන්ම විදේශිකයන් ද දින 14ක නිරෝධායනයට මේ ස්ථාන වෙත යොමු කෙරේ. ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සෙසු පහසුකම් ද හැකි උපරිමයෙන් ලබාදීමට රජය පියවර ගෙන තිබේ. එහෙයින් විදේශගත පැමිණෙන සියලුදෙනා  රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ක්‍රියාවලියට සහය වන්නැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියේය.

නිරෝධායනයෙන් පසු ඒ පිළිබඳ සහතිකයක් නිකුත් කිරීමට ද සාකච්ඡාවේ දී තීරණය කෙරිණ.

විදේශකයන් වෙත ලබාදුන් on arrival  වීසා පහසුකම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

නිකුත් කිරීම  වහාම අත්හිටුවීමට ද ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

වෙනත් රටවල සිට පැමිණෙන අය නිවෙස්වල සිට නිරෝධායනය වෙමින් මීට දායකවන්නැයි ද ජනාධිපතිවරයා ඉල්ලීය.

කණ්ඩායම් වශයෙන් වෙනත් රටවල කෙරෙන සංචාරයන් වහාම නැවැත්වීම සම්බන්ධයෙන් ද  අවධානය යොමු විය. හිඟයකින් තොරව ඖෂධ වර්ග සූදානම් කර තැබීම සහ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් විධිමත් කිරීමට ද ජනාධිපතිවරයා  උපදෙස් දුන්නේය.

Related posts

උසස් කාර්ය සාධන ක්‍රීඩා වැඩසටහනෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 178කට මූල්‍යමය ප්‍රතිපාදන

Admin

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin

ත්‍රීරෝද රථ ගාස්තුත් අඩු කරයි

Admin

අගමැතිට එරෙහිව නැවතත් විශ්වාසභංගයක්… මෙවර එජාපයෙන්මයි… කෙටුම්පත් කිරීම ඊයේ අරඹයි..

colombotoday

මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයට තොග වෙළඳුන්ගේ දැඩි විරෝධයක්

colombotoday

රවීට නඩු වැටෙයි ?

colombotoday