Colombo Today Local News

එජාපයේ 6ක් අද නියෝජ්‍ය ඇමති ධුරවල දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්යේ පසුපෙළ මන්ත්‍රීවරු හය දෙනෙකු අද (12) දිනයේදී නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

රංජිත් අලුවිහාරේ, බුද්ධික පතිරණ, අජිත් මාන්නප්පෙරුම, එඩ්වඩ් ගුණසේකර, ලකී ජයවර්ධන සහ නලින් බණ්ඩාර යන මන්ත්‍රීවරු නියෝජ්‍ය ඇමතිවරු ලෙස ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දීමට සූදානම් බවයි පැවසෙන්නේ.

මෙම කණ්ඩායම එජාප ප්‍රතිසංස්කරණ කටයුතුවලට යටත්ව වත්මන් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත්විය යුතු බවට මාධ්‍ය හමුවේ දැඩි ලෙස කියා සිටි මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ඔවුන් රාජ්‍ය පරිපාලන, කළමනාකරණ, නීතිය හා සාමය අමාත්‍යංශය, වතු යටිතල පහසුකම් අමාත්‍යංශය, කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යංශය, මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ඇතුළු අමාත්‍යංශ හයක් සඳහා නියෝජ්‍ය ඇමතිවරුන් ලෙස පත්කෙරෙනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ.

එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ නිර්දේශ මත අග්‍රාමාත්‍යවරයා විසින් මේ වනවිටත් අදාළ මන්ත්‍රීවරුන් පිරිස තෝරාගෙන තිබේ. කෙසේ වෙතත් ඔවුන් කවුරුන්ද යන්න තවමත් ප්‍රසිද්ධියට පත්කර නොමැත.

Related posts

සුනාමි ගම්මානයේ පල්ලියක් අසල වෙඩිතැබීමක්

colombotoday

පාඩු ලබන බව පෙන්වා ජාතික ගුවන් සේවය විකුණන් කෑමේ මෙහෙයුම මෙන්න !

colombotoday

අද සිට බිත්තර අලෙවි කළ හැකි මිල මෙන්න

colombotoday

යුද අපරාධ චෝදනා.. ඇමරිකාව ෆොන්සේකාවත් බ්ලැක් ලිස්ට් කරලා !

colombotoday

ජාතික ගීය දෙමළෙන් ගයා ලක්වාසීන්ගේ මූලික අයිතිවාසිකම් කැඩුවා: ජනපති වගඋත්තරකරු කර පෙත්සමක්

colombotoday

දිවයින පුරා සුරාසැල් වැසේ

colombotoday