Colombo Today Local News

ඥාති තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

කාන්තාවකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යක්කලමුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

27 හැවිරිදි තිදරු මවක් ඊයේ පස්වරුවේ යක්කලමුල්ල පොලිස් වසමේ නාකියාදෙණිය බටකැටිය ප්‍රදේශයේදී මෙලෙස අතවරයට ලක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ තැනැත්තිය වැන්දඹු කාන්තාවක් බවත් අතවරය සිදුකළ බව කියන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇයගේ ඥාතියෙකු බවත් අනාවරණය වී ඇත.

46 හැවිරිදි සැකකාර මන්ත්‍රීවරයාව අද (06)දින ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පාස්කු ප්‍රහාරය : කැබිනට් අනුකමිටු වාර්තාව ලබන 15 වැනි දා ජනපතිට

colombotoday

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

රාජිතගේ තවත් කෙරුවාවක් එළියට ! (Video)

colombotoday

නාරම්මල පොලිස් වෙඩි තැබීමේ සිද්ධිය ගැන පරීක්‍ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක් යයි

Admin

දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලට

Admin

වරාය විකුණන්නෙත් නෑ, බදු දෙන්නෙත් නෑ – අගමැතිගෙන් සහතිකයක්

colombotoday