Colombo Today Local News

අධ්‍යාපනයෙන් අඩකටත්වඩා කපා දැමේ.. ජනපතිට දිනකට කෝටි 2ක් වෙන් කෙරේ.. 2017 අයවැය යෝජනා !

budjet-2017

2017 වසර සදහා වන අයවැය විසර්ජන පනතට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එය මේවන විට ගැසට් කර තිබේ.

2016 වසරේ අයවැයෙන් අධ්‍යාපනය සදහා රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබුණද 2017 අයවැයෙන් එය රුපියල් බිලියන 78 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

අධ්‍යාපනයට වෙන් කළ මුදල හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් කප්පාදුවට ලක්වෙත්දී ජනාධිපති කාර්යාලය වෙනුවෙන් 2017 වසර සදහා රුපියල් බිලියන 7.4ක විශාල මුදලක් වෙන්කර ඇත. එනම් 2016 වසරේ වෙන්කළ මුදලට වඩා 320% කින් වැඩි වීමකි. හරියටම මේ වසරට වඩා තුන් ගුනයකටත් වඩා වැඩි කොට ඇත. එය 2016 වසරේදි රුපියල් බිලියන 2.3කි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කොට පාර්ලිමේන්තුව වෙත බලය විමධ්‍යගත කිරීම ප්‍රධාන සටන් පාඨය කරගනිමින් 2015 ජනවාරි 8 වනදා පැවති පාලනය වෙනස් කළද, මේ ආකාරයෙන් විශාල මුදලක් ජනාධිපති ධුරයේ කටයුතු සදහා වෙන් කිරීමෙන් පෙනී යන්නේ එම තනතුර පැවසූ ආකාරයට අහෝසි නොකෙරෙන බවයි.

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරීම සදහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවයෙන් යෝජනා වී තිබුණද ජනාධිපතිවරයාගේ පාර්ශවය එයට අනුකූලතාවය නොදක්වන බවට ආරංචි මාර්ග අනාවරණය කරන අතර ඒ හේතුවෙන් මෙතෙක් කල් අගමැති පාර්ශවය සහ ජනපති පාර්ශවය අතර පැවති සීතල මතගැටුම ඉදිරියේදී වඩාත් උත්සන්න වනු ඇති බවට මත පලවේ.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමා කෙරේ

colombotoday

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

Admin

එක්ස්ප්‍රස් පර්ල් හානිය ගැන සොයන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්

colombotoday

මංගලගේ බියර් සහනයේ ප්‍රතිඵල නිකුත් වේ.. මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට..

colombotoday

නිවර්තන පැසිපික් සාගරයේ ලානිනා තත්ත්වය උදාසීන එල්නිනෝ තත්ත්වයකට

colombotoday

ඉස්ලාම්කරණයට එරෙහිව කාදිනල්ගේ ඌරු න්‍යාය අති සාර්ථකයි!

colombotoday