Colombo Today Local News

බිරිඳ දමා සිරකර සැමියා ගෙට ගිනි තියලා

සිය බිරිඳ නිවස තුළ සිරකර නිවසට ගිනිතැබූ පුද්ගලයකු අද(14)දින අත්අඩංගුවට ගෙන තිබේ.

කළුතර, ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කළුතර දකුණ පොලිසිය කියයි.

දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවත ඇති බවත්, සැකකරු ඊයේ (13) සවස බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක සිටියදී රබර් මෙට්ටය, කොට්ට සහ ඇදුම් නිවසේ දමා ගිනිතබා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය පවසයි.

ගිනිතැබීමෙන් නිවසෙහි මුළුතැන්ගෙට හානි සිදුව ඇති නමුත් පැමිණිලිකාර කාන්තාව ඇයගේ ඇදුම් රැගෙන නිවසෙන් පිටතට පැමිණ ඇති බවද පොලිසිය සදහන් කරයි.

Related posts

ලංවීම ගිය වසරේ පාඩුව රුපියල් බිලියන 26කට වැඩියි…

colombotoday

නම්බුපිටින් ඉල්ලා අස්වෙන්න… අගමැති පොලිස්පතිට අවසන් නිවේදනය නිකුත් කරයි !

colombotoday

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

චීනයෙන් ලැබුණු ඖෂධ තොගය කටුනායකදී භාර ගනී

colombotoday

රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක්

colombotoday

ප්‍රා සභාපති බට වලට විදින්න පටවද්දී මාට්ටු

Admin