Colombo Today Local News

“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැති

ranil-wickremesinghe-1-640x400

රට තුළ සිදුකර තිබෙන සියලුම සංවර්ධන කටයුතු සිදුකළේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් බවත්, තවදුරටත් රට ඉදිරියට ගෙන යායුතු නම් සියලුම දෙනා එක්සත් ජාතික පක්ෂය වටා එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂය නොමැති වුවහොත් රට ඉදිරියට නොයන බවත්, රට ඉදිරියට යාමට නම් රට තුළ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබිය යුතු බවත් ඔහු පවසයි.

අන්තර්ජාලය හරහා පක්ෂ සාමාජිකත්වය ලබාදීම සඳහා යෙදුමක් (ඇප්) හඳුන්වාදීම සඳහා අද (23දා) පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම ඇප් එක හරහා පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමට අමතරව පක්ෂයේ ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යයනය වාර්තා ලබාගැනීමට හා පක්ෂය විසින් සංවිධානය කරන විශේෂ ක්‍රියාකාරකම්වල සජීවී විකාශයන් නැරඹීමටද භාවිතා කළ හැකි බවයි.

Related posts

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

Admin

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ අංක 2ට

colombotoday

විහාර දේවාලගම් පනත එන සතියේ පාර්ලිමේන්තුවට.. බුද්ධාගමට හානිකරයි – මහසංඝරත්නයේ විරෝධය

colombotoday

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin