Colombo Today Local News

“අරක්කු ගඳ ආවේ මගේ කටින් නෙවෙයි ! බීපු කෙනෙක් මාව බදාගෙන ඉම්බා” – විජිත හේරත්

bi33

පසුගියදා තමන් රියඅනතුරට මුහුණ දුන් අවස්ථාවේ මත්පැන් ගඳක් වහනය වූයේ තමන් බීමතින් සිටි නිසා නොවන බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

හිරු රූපවාහිනියේ බලය දේශපාලන වැඩසටහනේදී ප්‍රේක්ෂකයෙක් ඇසූ පැණයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසූවේ එම අනතුරට මුහුණ දුන් අවස්ථාවේ කිහිප දෙනෙකු වටවී ‘අපේ මන්ත‍්‍රිතුමා ඔබතුමා ආරක්‍ෂා වෙන්න’ කියා ආදරයෙන් බදා ගෙන සිප ගත් බවත් එයින් පුද්ගලයෙකු බීමතින් සිටි බවත් ඔහු කියා සිටියේය.

මත්පැන් ගඳ වහනය වූයේ තමාගේ කටින් යැයි කිසි තැනක සදහනක් නොවූ බව පවසන මන්ත්‍රීවරයා ස්වාභාවිකව ශරීරයේ මත්පැන් ගද වහනය වන අවස්ථා ඇති බවත්, ලේ ගිළුණු අවස්තාවකද මත් පැන් ගද වහනය වන බවත්, බීමතින් සිටි අයෙකු ස්පර්ශ කලත් එම ගද වහනය වන බවත් පැවසීය.

වැඩසටහනට පැමිණ සිටි එජාප නියෝජිතයන් දෙදෙනාද දිගින් දිගට කරුණු දක්වමින් විජිත හේරත් මහතා වෙනුවෙන් පෙනී සිටිනු දක්නට ලැබිණි.

https://www.youtube.com/watch?feature=player_embedded&v=MqPGz4g44J8#t=5

Related posts

අදත් කොළඹින් පිටට ගෑස් සිලින්ඩර් 60,000 ක්

colombotoday

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් ගැරූ යුවළක් දෙමටගොඩදී අල්ලයි

Admin

රාජ්‍ය ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතුයි දේශපාලනය කළ යුතු නැහැ – ජනපති

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday

මැයි 30 සිට මේ දක්වා අපරාධකරුවන් වෙඩි තබා කළ ඝාතන 26ක්

colombotoday