Colombo Today Local News

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් ලක්ෂ ගණන් ගැරූ යුවළක් දෙමටගොඩදී අල්ලයි

ඩුබායි රැකියා ලබාදෙන මුවාවෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අඹුසැමි යුවළක් යක්කල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ගෙන තිබේ.

මෙම යුවළ දෙමටගොඩ ප්‍රදේශයේ කුලී නිවෙසක රැඳී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

30 හැවිරිදි වියේ පසුවන මෙම අඹුසැමි යුවළ යක්කල සහ ගම්පහ ප්‍රදේශවල පුද්ගලයන් රවටා ලක්ෂ ගණන් මුදල් ලබා ගත් බවට පැමිණිලි 9ක් යක්කල පොලිසියට ලැබී ඇතැයි පොලිසිය කියයි.

සැකකාර යුවළ විවිධ ප්‍රදේශවල කුලී පදනම මත ලබාගත් නිවෙස්වල සුඛෝපභෝගී ජීවිත ගත කරමින් මෙලෙස ඩුබායි වෙත යවන බව පවසා මුදල් වංචාකොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.

යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්නගේ උපදෙස් පරිදි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අජිතානන්ද, පොලිස් සැරයන්වරුන් වන ප්‍රේමලාල් (49566), බාලසූරිය (47876), පොලිස් කොස්තාපල්වරුන් වන බුද්ධික (38926), කාන්තා කොස්තාපල් ගුණවර්ධන (10108) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂක පවත්වති.

Related posts

කඳුළුගෑස් උණ්ඩ කොල්ල කෑ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

මුදල් අමාත්‍යංශයේ ලේකම්ගේ සිටම හොරකමට සෘජුව සහ වක්‍රව සම්බන්ධයි – මන්ත්‍රී මදුර විතානගේ

colombotoday

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

ඥාණසාර හිමි වෙනුවෙන් සංඝ සභාව රැස්වෙයි… මහා නාහිමිවරු ඒකාබද්ධ නිවේදනයකට සැරසෙයි

colombotoday

ක්‍රීඩා උත්සව අවුරුද්දෙන් පසුව පැවැත්වීමට උපදෙස්

Admin

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday