Colombo Today Local News

හමුදාවට අපහාස කළ මහඇමතිව නාවික කදවුරකට ගෙන්වාගනී.. සුපිරි සංග්‍රහයකුත් දෙයි

nazeer26552

සාම්පූර් විදුහලක පැවති උත්සවයකදී නාවිකා හමුදාවේ උසස් නිලධාරියෙකුට බැණ වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් ත්‍රිකුණාමලය නාවික කදවුරේ පැවති දිවා භෝජන සංග්‍රහයකට ඊයේ සහභාගී විය.

මෙම අවස්ථාවට මහැමතිවරයා සමග ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රමද සහභාගී වී තිබෙනවා.

නාවික නිලධාරියාට බැණ වැදීමේ සිද්ධියෙන් පසු මහඇමතිවරයාට හමුදා කදවුරු වලට ඇතුළුවීමට අවසර නොදීමට සහ ඔහු සහභාගීවන උත්සව වර්ජනය කිරීමට ත්‍රිවිධ හමුදාව විසින් තීරණයක් ගෙන තිබුණු අතර පසුව එම තහනම ඉවත්කරගනු ලැබුවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මහ ඇමති නසීර්ට එරෙහිව රටතුළ දැඩි විරෝධයක් එල්ලවුණු අතර ඔහු හමුදාවෙන් සමාව ගතයුතු බවටද පැවසුනා. නමුත් තමන් හමුදාවෙන් සමාව ගන්නා බවට මහඇමතිවරයා මේ දක්වා ප්‍රකාශ කර නොමැති අතර ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් රජය පාර්ශවයෙන් නොගැණෙනු ඇති බවයි සදහන් වන්නේ.

Related posts

22 විවාදයට ලබන සතියේ දින දෙකක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම සළකා බලන්න විනිසුරුවරු තිදෙනෙක්

colombotoday

පොට්ට නවුෆර් බන්ධනාගාරයේදී මිය යයි.

colombotoday

ලංකාවට අහිමිවූ රුසියානු තේ වෙළදපොල අල්ලන්න කෙන්යාව බරටම වැඩ

colombotoday

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

colombotoday

TNA පළුවක් ගැලවේ, විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්?

colombotoday