Colombo Today Local News

විශිෂ්ඨ වෛද්‍ය සේවයට අපහාස කරන්නේ නින්දිත මුග්ධයින්.. කාණුකටාලාට ආණ්ඩුවෙන්ම ප්‍රති ප්‍රහාර

kujitha2

අවම පහසුකම් යටතේ ආසියාවේ හොදම වෛද්‍ය සේවය ලබා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සහ වෛද්‍යවරුන්ට අපහාස අපහාස කරන, අවලාද නගන ඇතැම් දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය ඉතාමත් නින්දිත බව බුද්ධ ශාසන හා අධිකරණ කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

වෛද්‍යවරුන්ට අපහාස කරමින් කතා කිරීම සම්පූර්ණයෙන්ම හෙළා දැකිය යුතු බවත්, එය කිසිසේත්ම ආණ්ඩුවේ ස්ථාවරය නොවන බවත් පැවසූ අමාත්‍යවරයා ඕනෑම අදහසක් දැරීමට ජනතාවට තිබෙන අයිතිය අනුව වෛද්‍ය සංගමයද යම් අදහසක් දැරූ පමණින් ඔවුන් පහත් මට්ටමින් හෙළා දකිමින් අදහස් ප්‍රකාශ කිරීමත්, වෛද්‍යවරුන් වැනි උගත් වෘත්තිකයන් පිරිසක් අවමානයට ලක් කරමින් අවලාද නැගීම අනුමත කළ නොහැකි ඉතාමත් මුග්ධ ක්‍රියාවක් බවද ප්‍රකාශ කළේය.

යම් යම් අඩුපාඩු වැරදි තිබුණත් සමස්‌තයක්‌ ලෙස ගත්තාම වෛද්‍ය සංගමයේ කටයුතු අගය කළ යුතුයි. ඇතැම් කරුණුවලදී වෛද්‍යවරුන් සමඟ යම් යම් මතභේද ඇතිවිය හැකියි. නමුත් ඒවා බුද්ධිමත්ව විසදා ගැනීමයි ආණ්‌ඩුවක්‌ වශයෙන් කළ යුත්තේ.මෙහිදී අපහසුවට පත්වුණේ ආණ්‌ඩුව. මේ ගැන අපටත් කනගාටුයි. ඒ වගේම අපි අමතක කළ යුතු නෑ. මේ යහපාලන ආණ්‌ඩුව බිහිකිරීමට විද්වත් වෘත්තිකයන් ලෙස වෛද්‍යවරුනුත් විශාල කැපකිරීමක්‌ කළ බව. යැයිද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ට බරපතල සේ අපහාස කිරීම සම්බන්ධයෙන් කථානායකවරයාට පැමිණිලි කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා ප්‍රකාශ කළේය.එමෙන්ම චතුර සේනාරත්න මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගැනීමට ද ඊයේ රැස්‌වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවට යෝජනා කළ බව ද වෛද්‍ය හේරත් මහතා කීවේය.

Related posts

රනිල් පන්නා අගමැති වෙන්න එස් බී බරටම වැඩ – ඒකාබද්ධ විපක්ෂයේ සහයත් ඉල්ලයි

colombotoday

අගමැති විශේෂ ප්‍රකාශයකට සැරසෙයි !

colombotoday

උත්සව සමයේ රථවාහන මෙහෙයුමට පොලිස් නිලධාරීන් 9000ක්|බීමත්ව රිය පැදෙව්වොත් ලැබෙන දඬුවම

colombotoday

උ/⁣පෙළ සිසුන් 171,497 දෙනෙකුට විශ්වවිද්‍යාල වරම්: අයැදුම්කරුවන් 49 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවයි..

colombotoday

උඩරට මැණිකෙට යට වූ එකම පවුලේ තිදෙනෙක් මරුට

colombotoday

දුම්රිය ගාස්තුත් හොරෙන්ම වැඩි කරලා

colombotoday