Colombo Today Local News

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග හෙට (05දා) හෝ අනිද්දා (06දා) සාකච්ඡාවක් පවත්වන බවත්, ආණ්ඩුවේ පිරිසක් ඉවත් වුවද, ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව මාධ්‍යය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“ජනවාරි අට ජනවරම ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය නව කණ්ඩයමට බාරදීමට තිබෙනවා. අපෙන් කොටසක් ඉවත් වුණා. ඉන්න අයත් සමග ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යනවා. ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හ හමුවෙනවා. විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙමින් ආණ්ඩුව රැක ගැනීමට උත්සාහ කළ සියලු දෙනාට ස්තුතිය” යැයි ප්‍රකාශ කළේය.

Related posts

ජාතිවාදී චෝදනා දරන්න බෑ කියා ශරීඩ් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

අද කාලගුණය

colombotoday

ෆොන්සේකා එජාපය සමග අතිනත ගනී

colombotoday

අස්වැසුම අයදුමට හැදුනුම්පත අනිවාර්යයි

Admin

පොලු රැගෙන සනත් නිශාන්තත් ගාලුමුවදොර අරගල භූමියේ

colombotoday

රිෂාඩ්ගේ බිරිද, මාමණ්ඩි,මස්සිනා සහ තැරැව්කරු අද අධිකරණයට

colombotoday