Colombo Today Local News

ජිනීවා යාන්ත්‍රණය ක්‍රියාත්මක කර එක්සත් රටක් බිහිකරනවා – මංගල කියයි.. අනුර කුමාර වේදිකාවේ අත්වැළ අල්ලයි

Sri lanka Economic summit 2016, mangala with anura kumara

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ක්‍රියාවට නැංවිමෙන් සහ, යෝජිත නව ව්‍යවස්ථාව සැකසීමෙන් පසුව රට තුළ සංහිදියාව තහවුරු වී එක්සත් හා සාමාකාමී මතු පරම්පරාවක් බිහිවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අගෝස්තු (03) දා කොළඹදී සංවිධානය කර තිබූ 2016 ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය. ජාතික සමගි රජය විසින් දැනට ප්‍රජාතන්ත්‍රවාදය සංහිදියාව සහ සංවර්ධනය සදහා සැකිල්ලක් සකස් කරගෙන යනු ලැබේ. නිදහසින් පසුව මන්දගාමීව කටයුතු කරමින් අනගි අවස්ථා අහිමි කර ගනිමින් ශ්‍රී ලංකාව ගත් ගමන් ගත් මාර්ගය මෙම සැකිල්ලෙන් වෙනස් කෙරේ. ප්‍රජාතන්ත්‍රීයකරණය හා විදේශ කටයුතු සම්බන්ධයෙන් අපි දියුණුවක් ලබා ගත්තෙමු. අපි සංහිදියාව පිළිබද ප්‍රගතියක් කරා ගමන් කරමින් සිටිමු.

ජිනීවා යෝජනාවලියෙහි දක්වා ඇති යාන්ත්‍රණය එනම්, අපට ජාත්‍යන්තර වශයෙන් බොහෝ රටවල හොද හිත ලබාදුන් යාන්ත්‍රණය හා නව ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවීමෙන් පසුව එම සංහිදියාව පිළිබද ප්‍රගති රාමුව ක්‍රියාත්මක කරනු ලැබේ. දින 100 වැඩපිළිවෙල යටතේ අප විසින් කරන ලද වෙනස් කිරීම් තහවුරු කිරීම සදහා නව ව්‍යවස්ථාව ඉවහල් කරගනු ලැබේ.

අපේ බහු සංස්කෘතික, බහු ජනවාර්ගික, බහු භාෂාමය හා බහු ආගමික ලක්ෂණ ඔප්නංවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළින් යථාර්ථයෙන්ම එක්සත් හා සාමාකාමී මතු පරම්පරාවක් බිහි කෙරේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, වාණිජ හා ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ද සමුළුව ඇමතීය.

ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට බහු ආගමික, බහු වාර්ගික, බහු භාෂාමය රටක් බවත්, සියළු සංස්කෘතීන් සමතැන් ගැන්වීම හරහා ජාතික සංහිදියාව ගොඩනැගිය හැකි බවත් පවසා තිබිණි.

Related posts

චන්ද්‍රිකා ශ්‍රීලනිපයෙන් දොට්ට ? තීරණය අනිද්දා !

colombotoday

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වීම භාරදෙයි

colombotoday

“අගමැති රනිල් සමග තවත් වසනු බෑ..“ අගමැතිට එරෙහිවූ ශ්‍රිලනිප ඇමතිලාගෙන් ජනපතිට ලිපියක්

colombotoday

බ්ලොක් කරත් ෆේස්බුක් එන අය අල්ලන එක සිම්පල් වැඩක් – ඩිජිටල් ඇමති

colombotoday

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

Admin

වෙසක් බලන්න එන මෝදි ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයටත් ඇස යොමයි !

colombotoday