Colombo Today Local News

වෙසක් බලන්න එන මෝදි ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයටත් ඇස යොමයි !

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ත්‍රිකුණාමල වරායේ තෙල් ටැංකි සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනා ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිත ය.

එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම නැරඹීම සඳහා මෝදි මහතා මැයි 12 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය. ඔහු දින දෙකක් ශ්‍රී ලංකාවේ සිටිනු ඇත.

මේ වන විට ත්‍රිකුණාමලය වරායේ ඉහළ තෙල් ටැංකි පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා දෙපාර්ශවය සාකච්ඡා ආරම්භ කර තිබේ.එම සංවර්ධන කටයුතු ලංකා ඉන්දියානු තෙල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ කෙරෙනු ඇත. 2003දී අත්සන් කර ඇති ගිවිසුමක් යටතේ එම ඉන්දියානු තෙල් සමාගම මේ වන විටත් තෙල් ටැංකි සංකීර්ණයේ කොටසක් භාවිත කරයි.

Related posts

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය ගැන ‘යුනිසෙෆ්’ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්‍ෂේප කරයි.

colombotoday

ත්‍රීරෝද රථ වලට විශේෂිත පිරවුම්හල් | ලබන අවුරුද්දෙත් තෙල් පෝලිම්

colombotoday

ගව ඝාතනය තහනම් කිරීමට නීති කෙටුම්පත් සකස් කර අවසන් | කැබිනට් අනුමැතියත් හිමි වෙයි

colombotoday

කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට

colombotoday

පාර්ලිමේන්තුව අවට මාර්ගවල ආරක්ෂාව තර කෙරේ

colombotoday