Colombo Today Local News

ත්‍රීරෝද රථ වලට විශේෂිත පිරවුම්හල් | ලබන අවුරුද්දෙත් තෙල් පෝලිම්

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ද ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඊයේ (25)දින සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව ලබන අගෝස්තු මාසයේ සිට 2023 වසරේ ජූලි මාසය පමණ දක්වා මෙරටට ඉන්ධන ආනයනය කිරීම විශාල ගැටලුවක් වනු ඇත. පසුගිය දින කිහිපයකට පෙරද ඇමැතිවරයා පවසා සිටියේ ලබන මාසයේ ඉන්ධන ආනයනය කරගැනීමද අභියෝගයක් බවය.

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි වීම නිසා QR පද්ධතිය හඳුන්වා දුන් බව මෙම පණිවිඩයේ ඔහු සඳහන් කර තිබේ. ඛනිජ තෙල් සංස්ථාව සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවත් තොග අසීමිතව තිබුණ ද සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන ලබාදීම ප්‍රායෝගිකව කළ නොහැකි බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ දිනවල ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ඉන්ධන පිරවුම්හල් සඳහාද අත්‍යවශ්‍ය සේවාවන් සඳහාද ලබාදීමට දිනකට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ පෙට‍්‍රල් මෙට්‍රික් ටොන් තුන්දහසක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් හාරදහසක් ලෙසින් සීමා සහිතවය.

විවිධ ක්‍රම ඔස්සේ දැනට තිබෙන තොග හැකිතාක් උපරිම කාල සීමාවක් භාවිත කිරීමට රජය අදහස් කර සිටින බවත් මේ හේතුවෙන් තවදුරටත් ජනතාව පෝලිම්වල අපහසුතාවට පත්වන බවත් පවසමින් ඛනිජ තෙල් වෘත්තිය සමිති රජයට චෝදනා කරයි.

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලබා ගැනීමේදී එම රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පොලිස් ස්ථාන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදීමට නියමිතව ඇත. එමෙන්ම ත්‍රිරෝද රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විශේෂිත පිරවුම්හල් වෙන් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම බස් රථ සඳහා ඉන්ධන ලබාදීම සඳහා බස් රථ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ලබාදීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.

Related posts

සමගි මැයි රැලියේදී සරත් ෆොන්සේකා සහ හරීන් අතර ගැටුමක් : VIDEO

colombotoday

එක්ස්කැවේටර් යන්ත්‍රයක් හදිසියේ ගිනි ගනී

colombotoday

සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවයි

Admin

ඇප ගෙවන්න සල්ලි නැතිව යළි සිරගතවූ දේශයට නිදහස් දුන් ඔවුන්ගේ නිදහස වෙනුවෙන් අද අපේ යුතුකම කරමු !

colombotoday

හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියාගෙන් පැය 152කට අධික කාලයක් ප්‍රශ්න කරයි

colombotoday

ජාජබ විරෝධයට පහර නොදුන්නැයි පොලිසිය කරුණු පැහැදිලි කරයි

Admin