Colombo Today Local News

“අගමැති රනිල් සමග තවත් වසනු බෑ..“ අගමැතිට එරෙහිවූ ශ්‍රිලනිප ඇමතිලාගෙන් ජනපතිට ලිපියක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට  එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 06 දෙනා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ තමන්ට ආණ්ඩුවේ අමාත්‍යධූරවලින් ඉවත්විමට ඉඩ ලබාදෙන ලෙස ඉල්ලමින්. අමාත්‍ය  දයාසිරි ජයසේකර මහතා සදහන් කළේ අද (07) දිනයේ අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදුන් බවයි.

තමන්ට විශ්වාසයක් තැබිය නොහැකි අග්‍රාමාත්‍යවරයෙකු සිටින අමාත්‍ය මණ්ඩලය තුළ තවදුරටත් කටයුතු කළ නොහැකි බවයි.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  මැති ඇමතිවරුන් 16 දෙනෙකු ඊට සහය පල කරමින් ඡන්දය ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනාට එරෙහිව සහ නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව විශ්වාසභංගයක් කථානායකවරයා වෙත භාරදෙනු ලැබීය.

කෙසේවෙතත් අදාළ විශ්වාසභංග යෝජනාව ඉවත්කර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පසුපෙල මන්ත්‍රීවරුන්ට ඊයේ රාත්‍රී උපදෙස් ලබාදී තිබිණි.

Related posts

මහින්ද මයිත්‍රී රහස් හමුවක්. එන ජන්දෙට දෙපාර්ශවය පුටුවෙන් ?

colombotoday

බදියුදීන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේපයි

colombotoday

සටන් සගයා ගැන මහින්දගෙන් සහතිකයක් (Video)

colombotoday

පොලිස්පතිට එරෙහි වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවන බව අගමැති කියයි

Admin

කොවිඩ් යලි හිස එසවීමේ අවදානමක්

colombotoday

පළමු වසරේ දැරියකට කනට ගැසූ ගුරුවරියක් අත්අඩංගුවට

Admin