Colombo Today Local News

“සිංහල-මුස්ලිම් ගැටළු යහපත්ව විසදන්න අපට බැරිවුණා.. පරාජයට ඒකත් හේතුවක්“ – හිටපු ජනපති

President-Mahinda-Rajapaksaමෙරට මුස්ලිම් ජනතාවගේ සියලු අයිතිවාසිකම් ලබාදිය යුතු බවත් ඔවුන් ආරක්ෂා කිරීම සිංහලයන්ගේ වගකීම බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පිහිටි සිය කාර්යාලයේදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් සමග පැවති හමුවකදීය.

පසුගිය ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජාතිකයන් බහුතරයක් තමන්ට එරෙහි වූ බවත් එය තමාගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවත් එහිදී රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා පසුගිය රජය සමයේ සිංහල – මුස්ලිම් ජාතීන් අතර ඇති වූ ගැටලු හේතු වූ බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා පවසන්නේ එම ගැටලු යහපත් ආකාරයෙන් විසඳාගැනීමට තමන් අපොහොසත් වූ බවයි.

තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

‘මම කිසිදිනෙක ජාතිභේද ඇතිකරන්නේ නෑ. සියලු දේ තේරුම් අරන් නැවත මුස්ලිම් නායකයන් සමග සුහදතාවය වර්ධනය කරගැනීමට කටයුතු කරනවා. මගේ පියා සහ මුතුන් මිත්තන් මුස්ලිම් ජාතිකයන්ට ගොඩක් උපකාර කරලා තියනවා. අතීතයේ හම්බන්තොට මුස්ලිම් ජාතිකයන් පදිංචි කිරීම සඳහා ගොඩක් උදව් කරල තියෙන්නේ අපේ පරම්පරාවේ මුතුන් මිත්තන්. ඒක නිසා අපිට මුස්ලිම් අය එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම අලුත් දෙයක් නෙවෙයි.’

‘පසුගිය ජනාධිපතිවරණයේදී මගේ ප්‍රතිවාදීන් මුස්ලිම් ජනතාව බේද කරන්න විශාල කැම්පේන් එකක් කළා. අවාසනාවට බොහෝ මුස්ලිම් ජාතිකයන් ඒකට රැවටුනා. මේකට විදේශ රටවලුත් සම්බන්ධයි. විශේෂයෙන් අලුත්ගම සිදුවූ ඛේදවාචකය මගේ පරාජයට ගොඩක් බලපෑවා. ඒකට නායකත්වය දීපු අය දැන් මේ ආණ්ඩුවේ ඇමතිධූර දරනවා.’

‘මම ඒ දවස්වල විදෙස්ගතවෙලා හිටියේ. මම ලංකාවට ආපු ගමන් වෙච්ච හානිය බලන්න ගියා. ඒ විතරක් නෙවෙයි හානි වෙච්ච නිවාස, ව්‍යාපාරික ස්ථාන සියල්ලක්ම ආපහු හදන්න වැඩපිළිවෙලක් සකස් කළා.’

‘බටහිර කුමන්ත්‍රණකාරයෝ කවදාවත් නවතින්නෙ නෑ. ඔවුන් එක එක උපක්‍රම භාවිතා කරනවා.’

‘එදා බණ්ඩාරනායක මහත්තයා යූඇන්පී එකෙන් එලියට ඇවිල්ලා ශ්‍රීලනිපය හදපු වෙලාවෙ ඉඳලා හැමදාම මුස්ලිම් ජාතියන් එක්ක සහයෝගයෙන් හිටියා. අපි තවදුරටත් එම සහයෝගය වර්ධනය කරගනිමින් සිටිනවා.’

Related posts

පානීය ජල ගැටලු ඇත්නම් 117 අමතන්න

Admin

“භික්ෂූන්වහන්සේලාගේ නඩු වගේම අනිත් නඩුත් වේගවත් කරන්න” – ඇමති චම්පික ඉල්ලයි

colombotoday

වෙලේ සුදාට මරණ දඬුවම අරන් දුන් රංගජීවට ඒ වෙනුවෙන් රු 75000ක් දීලා.

colombotoday

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

කොරෝනාවට එරෙහිව මතු වෙන දුම් හට්ටි වෙදකම ආයුර්වේදයට අනුකූල නොවේ.

colombotoday

ඉන්දියන් සාගරයේ භූ කම්පන

Admin