Colombo Today Local News

කොරෝනාවට එරෙහිව මතු වෙන දුම් හට්ටි වෙදකම ආයුර්වේදයට අනුකූල නොවේ.

දුම් ඇල්ලීම යන වචනයෙන් කියන ”වාෂ්ප ආඝ‍්‍රාණය” හෙවත් ”වේදු පෑම” අනාදිමත් කාලයක සිට ආයුර්වේදය හා දේශීය වෛද්‍ය ක‍්‍රමය බොහෝ වෛරස ආසාදන වලින් වැළැක්වීමට හා ශ්වසන පද්ධතියේ රෝග ලක්ෂණ පාලනය කිරීමට යොදාගත් ප‍්‍රතිකාර ක‍්‍රමයකි. එහෙත් දැනට කරන මේ ව්‍යාපාරික ආයතනයක් හරහා කරන යම් ආකාරයක දුම් හට්ටියක් අලෙවි කිරීම නිසා දේශීය වෛද්‍ය ක‍්‍රමයේ අනන්‍යතාවට හානියක් සිදුව තිබේ. අපේ සමාජය තුළ දැනටමත් සිදු කරන පාරම්පරික පුරුද්දක් වන අතර දුම් ඇල්ලීමට ගන්නා ඖෂධ මොනවාදැයි සාමාන්‍ය ගැමියන් පවා දන්නා කරුණකි. මේ වන විට ආයුර්වේද ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විශාල සංඛ්‍යාවක් දිවයින පුරා ප‍්‍රාදේශීය මට්ටමෙන් ප‍්‍රතිශක්ති වරධනය පිණිස විවිධ වැඩසටහන් කරන අතර ඖෂධීය වාෂ්ප දුම් ඇල්ලීම එහි ප‍්‍රධාන කොටසක් වේ. ඒවා විධිමත් පරිදි නිවැරදි වට්ටෝරු අනුව සකස් කළ වාෂ්ප දුම් ඇල්ලීම නිසා එම පුරුද්ද දැනටමත් ක‍්‍රියාත්මක කිරීමේ ගෞරවය ප‍්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා ප‍්‍රාදේශීය මට්ටමේ දේශීය වෛද්‍යවරුන්ට හිමිවේ. මේ රටේ ජනතා විශ්වාසය දිනාගත් ආයුර්වේද ප‍්‍රජා සෞඛ්‍ය සේවාව හරහා ක‍්‍රියාත්මක වන නිවාරණ වැඩසටහන් වලට ඇති පිළිගැනීම පසු ගිය කාලය තුළ ලැබුණු ප‍්‍රතිචාර වලින්ම පැහැදිලි වේ.

දේශීය වෛද්‍ය ක‍්‍රමය සම්බන්ධයෙන් කිසිදු මූලික දැනුමක් නොමැති කිසිදු ආකාරයකින් දේශීය පාරම්පරික වෛද්‍යවරයෙකු වෙතින් නිසි පුහුණුවක් නොලැබූ යම් පිරිසක් සැම අයෙකුම තමන්ට දෙවියන්ගේ බලයෙන් ආශිර්වාද ලැබී ඇතැයි විශ්වාස කරයි. ඔවුන්ගේ ව්‍යාපාර හෙළ වෙදකම නමින් මිනිසුන් මුලා කරමින් දේශීය අනන්‍යතාවට මුවාවී කරන නොයෙක් ආකාරයේ ව්‍යාපාර මේ දින වැඩියෙන් මිනිසුන්ගේ මුදල් ගසා කන උප්පරවැට්ටි බවට පත්ව තිබේ. රටේ වටේම ඇති කොළ පොතු ජාති දැමූ දුම් හට්ටියක් මිළදී ගන්නවාට වඩා ලෙහෙසියෙන් හොයා ගන්නට පුළුවන් කොළ වර්ගකිහිපයකින් වේදුව මුට්ටියක් සකසා ගැනීම ලාභාදායකය. දෙහි, පාවට්ටා, නික, යකිනාරන් වැනි කොළ වර්ග කිහිපයක් මිට සෑහේ.

අනික මේ සෙට් එක හට්ටිය හා මුට්ටිය පටලවා ගෙන තිබේ. වාෂ්ප දුම් අල්ලන්නට යොදා ගන්නේ මුට්ටියකි. කැඳ ටික නම් හට්ටියක උයා ගන්නට හැකිය. දුම් ගහන හැටි කියා දෙන්නේ මුට්ටිය හා හට්ටිය හඳුනන්නේ නැති කට්ටියකි. දුම් හට්ටිය කියන වචන වලින් සමාජගත වන්නේ ම වැරදි අරුත නිසාම බටහිර වෛද්‍යවරුන් දේශීය වෛද්‍ය ක‍්‍රමයට පහර දීමට අවස්ථාවක් ලබා ගෙන තිබේ. නියම ආකාරයෙන් වේදුවක් සකසා ගන්නනට අවශ්‍ය වන්නේ මුට්ටියක් වන අතර එයින් පිටවන්නේ දුමක් නොව වාෂ්පය වේ. එනිසා අපි සකසා ගත යුත්තේ දුම් හට්ටියක් නොව ”වේදු මුට්ටියකි.”

එසේම කිසිදු පදනමකින් තොරව සිය ගණනක් ඖෂධ ඊට එකතු කර සකසනවට්ටෝරු වාෂ්ප වේදු වැනි සරල ප‍්‍රතිකාර ක‍්‍රම වලදී යොදා නොගන්නා හෙයින් ඒවා ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක‍්‍රමයට අයත් හෝ ඒවාට අනුකූලව සකස් කළ වට්ටෝරු නොවේ. එබැවින් මෙවැනි පදනමක් නොමැති වට්ටෝරු ඣඪෂෘ-19 රෝගය සඳහා ප‍්‍රතිකාරයක් ලෙස හෝ එයින් වැළකීමට භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. එම සංයෝගය ආයුර්වේද හෝ දේශීය වෛද්‍ය ක‍්‍රමය මගින් කිසිසේත් අනුමත නොකරන ද්‍රව්‍ය එකතුවකි. තවද කෙනෙකුට සොයා ගැනීමට අමාරු තරම් විශාල සංඛ්‍යාවක් නම් මෙම වට්ටෝරුවට ඇතුළත් කිරීමෙන් නිවසේදී සරල වේදුවක් සාදා ගැනීමට ඇති ඉඩකඩ අහුරා තම වෙළෙඳ නිෂ්පාදනයේ අලෙවිය වැඩි කරගැනීමට උපක‍්‍රමයක් භාවිතා කර තිබේ.අද වන විට ප‍්‍රචලිත සමහර දොස්තර මහතුන් කතා කරන සංකල්ප වලට අදාළ සියලූ‍ දැනුම උකහා ගන්නේ දේශීය පාරම්පරික වෛද්‍ය දැනුම තුළින් ය. මෙම වට්ටෝරු ලබා ගන්නේ භාවනාව මගින් සිත දියුණු කිරීමෙන් දෙවියන් හා සම්බන්ධ වීමෙන් යැයි පවසා එහි අගය තවත් ඉහළ දමයි. පසුව ඒවා ආයුර්වේද වෛද්‍යවරුන් ගේ මාර්ගයෙන් තහවුරු කොට ඊට ශාස්ත‍්‍රීය පදනමක් සකසයි. වෙනත් මහාචාර්යවරුන්, විද්‍යාඥයින් හරහා ඒවාට විද්‍යාත්මක පසුබිමක් සකසයි. බටහිර වෛද්‍යවරුන් ලවා කියවා ඊට සමාජ පිළිගැනීම ඇති කරයි. අවසානයේ ”හෙළ” කොටස එක්කොට දේශීය සන්නාමයක් යටතේ ඒවා විකුණයි.

අවිධිමත් ආකාරයට ඇහිඳ ගත්වෙදකමක් පෙන්වා වෛද්‍යවරයෙකු වන්නට මාන බලන බොහෝ දෙනා අන්තිමට හේත්තු වන එක තැනක් තිබේ. ඒ ”හෙළ වෙදකම” යන පුවරුවයි. හෙළ වෙදකම යනු මෙරට දේශීය වෛද්‍ය ක‍්‍රමයයි. එය අනාදිමත් කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන ඉතා විශිෂ්ට ගණයේ දැනුම් ව්‍යවහාර පද්ධතියකි. එහෙත් ලංකාවේ අතිදක්ෂ, කෘතහස්ත, කීර්තිමත් වෙදපරපුරු වලට අයත් අපේ දේශීය වෙදමහතුන් කිසි දිනෙක මෙවැනි වට්ටෝරු භාවිතා කර නැත. ඒ වෙනුවට ඔවුන් නියම ”සිංහල වෙදකම” තුළ අන්තර්ගත වේදු වට්ටෝරු භාවිතා කළහ. සිංහලෙන් ලියැවුණු, සිංහලෙන් කියවන, සිංහල බේත් වලින් සිංහලයින්ට බේත් කරන වෙදකම සිංහල වෙදකම විය. එය ලංකාවේ ආයුර්වේදයයි. එහි දැනුම් පද්ධතිය අපේ රටේ සංස්කෘතිය හා බද්ධවී එයින් පෝෂණය වී අපේ රටේ ස්වභාවික පරිසරය මත යැපෙමින් ජනතාවට සේවය සැලසු මහඟු‍ වෛද්‍ය ක‍්‍රමයකි. අර මුලින් කියූ කණ්ඩායම බොහෝ සෙයින් ජාමේ

බේරාගන්නට උත්සාහ කරන්නේ හෙළ වෙදකමේ එල්ලී ආයුර්වේදයට ගරහමින් ය. එහෙත් නියම සිංහල වෙදමහතුන් පාරම්පරික වෛද්‍යවරුන් ආයුර්වේදයට ගරහන්නේ නැත. ඔවුන් ආයුර්වේදය හා ඉතා සහජීවන සම්බන්ධතාවක් පවත්වා ගෙන ගියහ. මේ තත්වය වෙනස් කරමින් ආයුර්වේදය හා දේශීය වෙදකම බෙදා වෙන්කරන්නට එක්තරා පිරිසක් සැරසෙන්නේ ඉතිහාසය නොදන්නා නිසාය.

ආයුර්වේදයට හා දේශීය වෛද්‍ය ක‍්‍රම ප‍්‍රතිකාර වලට අදාළ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් දොස්තර මහතුන් උපදෙස් දීමට වඩා ඒ සම්බන්ධයෙන් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු යොදා නොගැනීම වෘත්තීය සදාචාරයට එරෙහි වන අතර එහිලා ඔවුන් ”ආයුර්වේද වෛද්‍යවරුන් ගේ වෘත්තීය අනන්‍යතාව” හිතාමතා පැහැර ගැනීම කරයි. මෙවැනි වාතාවරණයක් යටතේ අපිට

හැගෙන්නේ එබඳු ප‍්‍රචාර මගින් මේ රටේ දේශීය දැනුම හා එහි ප‍්‍රයෝගික භාවිතයන් සමාජගත කිරීමේ දී ඒවායේ නියම උරුමකරුවන් අමතක කොට එම දැනුම හරහා ඔවුන්ගේ වෘත්තීය ආධිපත්‍යය තහවුරු කරන බවකි. මෙවැනි ව්‍යාපාර හරහා බටහිර වෛද්‍ය ක‍්‍රමය තව දුරටත් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ආධිපත්‍යය පතුරුවා ලමින් රෝගීන් ගේ එකම ගැලවුම්කරුවන් ලෙස පෙනී සිටිනු ඇත. දැනටමත් මේ රටේ විද්‍යාත්මක යැයි කියන දැනුමට හිමිකම් කියන්නෙත් දේශීය දැනුමේ විද්‍යාත්මක බව අනුමත කරන්නෙත් බටහිර වෛද්‍යවරුන් හෝ බටහිර විද්‍යාඥයින් නිසා එහි සියලූ‍ පාලන බලතල ඔවුන්ට පවරා ගෙන තිබේ. බටහිර රෝහලේ දොස්තර මහතා ගේ කුස්සියේ කැඳ හදාගෙන පස්සා දොරෙන් රිංගන ක‍්‍රමය වෙනුවට ගෞරවනීය ලෙස ප‍්‍රතිකාරය නියම කරන්නට සෞඛ්‍ය බලධාරීන් ගේ අවසරය ලබා ගන්නටඅපට නොහැක්කේ ඇයි? එබැවින් මේ උත්සාහ කරන්නේ ආයුර්වේදය හා දේශීය වෙදකම ගෝත‍්‍රික මට්ටමේ තබාගෙන බටහිර වෛද්‍ය විද්‍යාවේ විද්‍යාත්මක පැතිකඩ තුළ ඒවායේ ආහාර පාන, ඇවතුම් පැවතුම් හා වෙනත් සිරිත් විරිත් උකහා ගෙන සංස්කෘතික ප‍්‍රතිරූපයක් ගොඩ

නැගීමට යැයි යම් සැකයක් මතුවේ.

සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝ පිරිසක් මේ වසංගතයෙන් රට බේරා ගැනීමේ සටනට උරදී සිටින මොහොතක තවත් පිරිසක් තමන්ගේ දේශපාලනික හෝ ව්‍යාපාරික අරමුණු මුදුන් පත් කරගැනීමේ ලා කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගතය. තමන්ගේ නිෂ්පාදනයක් මගින්

ඣඪෂෘ-19 රෝගය සුව කරන බවට සමාජයට බොරු ප‍්‍රචාර කිරීමෙන් ඔවුන් උත්සාහ කරන්නේ මේ අවස්ථාවේ මිනිසුන් තුළ ඇති බිය ප‍්‍රයෝජනයට ගෙන අලෙවිය වැඩි කරගැනීමටය. රෝගීන් සුව වී ගෙදර යන විට එහි ගෞරවය තමන් වෙත ලබා

ගන්නට වෙර දරන බොහෝ දෙනා කුමක් හෝ සැඟවුණු න්‍යාය පත‍්‍රයක් අනුව කටයුතු කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඉඟු‍රු, කොත්තමල්ලි, වෙනිවැල්ගැට ගැන පර්යේෂණ කිරීම ඉතා හොඳය. එසේම වෘත්තීය සදාචාරයට පටහැනිව ව්‍යාපාරික අරමුණු වෙනුවන් පෙනී සිටීම ද වර්ජනය කළ යුතුය. මේ වන විටත් ස්වාභාවික ලෙස රෝගය සුවපත් වූ පුද්ගලයින් ද වෙනත් රටවල සිට සිය අත්දැකීම් විස්තර කරනු මාධ්‍යයෙන් අපට ඇසේ. කරුණු එසේ තිබිය දී යම් නිෂ්පාදනයක් ලෙවි කරගැනීම පිණිස මිනිසුන් රවටන මාධ්‍යවේදීන් ද සිටියි. රෝගය වළක්වා ගැනීමේ නොයෙකුත් සරල සෞඛ්‍යාරක්ෂක ක‍්‍රම සමාජය අනුගමනය කරද්දී යම් යම් සංකීර්ණ ඖෂධ වට්ටෝරු හරහා සමාජය මුලා කරන ව්‍යාපාරික ප‍්‍රචාර ආයුර්වේදයට හෝ දේශීය වෛද්‍ය ක‍්‍රමයට අනුගත නොවන බව වගකීමෙන් ප‍්‍රකාශ කළ යුතුය.

මෙවැනි වසංගත අවස්ථාවක දී ආගමික පුදපූජා වල ආශිර්වාදය, ආධ්‍යාත්මික කටයුතු වල නියලීම හා පාරම්පරික යාතුකර්ම ආදිය ඉතාමත් වැදගත් වේ. එසේම රෝගීන්ට සෙත් පැතීම, භාවනාව, ශාන්ති කර්ම වැනි දේවල් දේශීය වෛද්‍ය ක‍්‍රමයට අයත් බව අමුතුවෙන් කිව යුතු නොවේ. මේවා වෛද්‍යවරුන් විසින් යම් ක‍්‍රමවේදයක් අනුව කළ විධිමත් ප‍්‍රතිකාර පද්ධති මිස දෙවියන් ගෙන් ලැබෙන උපදෙස් අනුව කළ කී දේවල් නොවේ. අධිමානුෂික බලයෙන් බේත් ලැබෙනවා යැයි කියන්නේ මිනිසුන් මුලා කිරීමට මිස වෙන දෙයකට නොවේ. එනිසා මේ අවස්ථාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව හා ලියාපදිංචි දේශීය වෛද්‍යවරුන් ගේ උපදෙස් අනුව මේ රෝග නිවාරණ වැඩපිළිවෙළ තුළ ජනතාව පෙළ ගැසීම අවශ්‍ය වේ. ජාතික ව්‍යසනයක් දී සෞඛ්‍ය අංශ ජනතාව බේරාගැනීමට කරන මෙහෙවරට සමගාමිව ඊට උරදී සිටින ආයුර්වේද ප‍්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඉතා කැපවීමෙන් මෙම කටයුත්තේ නියැලේ. සෞඛ්‍ය පද්ධතියේ ප‍්‍රගමනය වෙනුවෙන් වෛද්‍ය ක‍්‍රම අතර සහයෝගීතා සංස්කෘතියක් ගොඩ නැගිය යුතු බව අපි තරයේ විශ්වාස කරමු. අපි නැවතත් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යසනයේ දී ආයුර්වේද හා දේශීය වෛද්‍ය ක‍්‍රම වල දායකත්වය හා සම්බන්ධතාව නිල වශයෙන් ලබා ගැනීමට යම් වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවන් සාධනීය පියවරක් ගන්නා ලෙසය. 

වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

Related posts

පාස්කු කොම්සමේ එවුන්ගේ මොළය පරීක්ෂා කළ යුතුයි. විවාදයකට වරෙල්ලා. – කථිකාචාර්ය දිලන්ත විතානගේ

colombotoday

මාස 06කට ඔක්සිජන් සැපයීමේ ගැටළුවක් නැහැ

colombotoday

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද ප්‍රමාදයි

Admin

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වසා දැමීමේ සූදානමක් !

colombotoday

ශ්‍රී ලංකාවේ ගංවතුර විදෙස් මාධ්‍ය දැක්කේ මෙහෙමයි (Video)

colombotoday

කොළඹ මැනිං වෙළඳපොල ලබන මස දක්වා වැසේ

colombotoday