Colombo Today Local News

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

දෙහිවල ගල්කිස්ස මහ නගරසභා බල ප්‍රදේශයට අයත් ජුම්මා මුස්ලිම් පල්ලියේ හජ් දිනය නිමිත්තෙන් ඝාතනය කළ ගවයන්ගේ රුධිරය දෙහිවල ආනන්දබෝධි විහාරය සහ වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථාන අතරින් ගලා බසින ඇළට මුදාහැර ඇති බවත්, දින දෙකක් තිස්සේ මෙලෙස සත්ව රුධිය ජලයට මුසුවී තිබෙනු දක්නට ලැබුණු බවත් ප්‍රදේශවාසීන් පවසයි.

මීට පෙර කිසිදු අවුරුද්දක මේ අයුරින් හජ්ජි දින ඇළ දිගේ රුධිරය ගලායන අයුරු දැක නැති බවත්, මෙවර හිතාමතාම ගව රුධිරය ඇළට මුදාහැර ඇති බවත් පවසන ප්‍රදේශවාසීන්, නීතිය එළිපිටම උල්ලංඝණය කර ජන ජීවිතයට බාධා කරමින් මෙලෙස පරිසරය අපවිත්‍ර කරද්දී නාගරික හා සෞඛ්‍ය බලධාරීන් නෑසූකන්ව සිටියේ සංහිදියාවට බාධාවක්  වන නිසාදැයි විමසති.

පැල්මඩුල්ල බජ්ජන්ගොඩ පල්ලියක ඝාතනය කළ ගවයන්ගේ රුධිරය අසල පිහිටි පිරිවෙනකට ගලා ඒමට සැලැස්වීම හේතුවෙන් පසුගිය හජ් දිනයේ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්වයක්ද හටගැනිණි.

14339883_1667479336900796_1748669760_o 14339944_1667479343567462_1656250723_o14359809_1667479320234131_617176759_o-114285765_1667479346900795_1267689572_o

Related posts

ෂරියා නීතියෙන් නැගෙනහිර 22ක් මරා වල දමයි..

colombotoday

බසයක් පෙරලී 5කට තුවාල

Admin

විජිතපුර පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීමට හින්දු සම්මේලනයේ විරෝධය

colombotoday

ඩයනා ඇතුළු පිරිසගේ ගුටි කෙළිය ගැන සොයන්න පත්කල මැතිසබා කමිටුවට කැඳවයි

Admin

ප්‍රදේශ රැසකට අද සවස වැසි

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin