Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාව රටට මහ විනාශයක් !.. – ගැටඹේ නාහිමි

gatambe-nahimi“මේ ආණ්ඩුව පොරොන්දු වුණු දේවල් ඉටු කළේ නැහැ. දැන් අලුත් ව්‍යවස්ථාවක් ගැන නැති ප්‍රශ්නයක් ඇති කරගෙන දඟලනවා.”
– පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි

ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටු නොකළ වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් පිළිබඳ නැති ප්‍රශ්නයක් ඇතිකරගෙන ඳඟලන බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවසූහ.

සැකසෙමින් තිබෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මතුවිය හැකි අවදානම පිළිබඳව දැනුම්වත් කිරීම පිණිස පසුගියදා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ නායකයන් උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේ අනුශාසනාවක් සිදු කරමින් සිරිවිමල නාහිමියෝ එසේ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිරිවිමල නාහිමියෝ මෙසේ ද සඳහන් කළහ.

“ මේ අවස්ථාවේ අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න ඕනේ නැහැ. තිබෙන ව්‍යවස්ථාවේ අඩුපාඩු සම්පූර්ණ කරගෙන ඉදිරියට යන්න ඕනේ කියන එකයි අපේ අදහස. ‘අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. මේ තිබෙන සේරම වෙනස් කරන්න ඕනේ’ කියලා කවුරුත් ඉල්ලුවේ නැහැනේ. රටේ තිබෙන ප්‍රශ්න විසඳන්න කියලානේ රට භාර දුන්නේ. පොරොන්දු වෙච්ච දේවල් ඉටු කළේ නැහැනේ. රස්සාවල් නැහැ. කන්න බොන්න නැහැ, නමුත් ඒවා විසඳනවා වෙනුවට මේ අය නැති ප්‍රශ්නයක් ඇතිකර ගෙන දඟලනවා. මේ ආණ්ඩුව ඕනේ නැති ප්‍රශ්නයක් ඇති කරලා ජනතාව අවුස්සලා, ඒ දිහා බලාගෙන ඉන්නවා. එවැනි අවස්ථාවක මේ අනතුර පෙන්වලා දෙන්න ඔබතුමන්ලා ඉදිරිපත් වීම අගය කරනවා.

අපිත් පිළිගන්නවා මේ ගෙනෙන්න හදන ව්‍යවස්ථාවෙන් රටට විනාශයක් වෙන බව. ඒ බව වටහාගෙන ඔබතුමාලාගේ පක්ෂයේ අය පාර්ලිමේන්තුවේ මේ ව්‍යවස්ථාව හදන කටයුතුවලින් ඉවත් වුණු බව අපි දන්නවා. නමුත් ඒකාබද්ධ විපක්ෂයේ අනෙක් අය ඉවත් වෙලා නැහැනේ. රටට විනාශයක් වෙනවා කියලා දැනෙනවා නම් ඒ අය ඒ බව දැන දැනත් ඒ කටයුතුවලින් ඉවත් වෙන්නේ නැත්තේ ඇයි ?”

මෙහිදී අදහස් දැක් වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,

“ ආණ්ඩුවක් කරන සමහර වැරදි තිබෙනවා යළි අනාගතයේදී නිවැරදි කළ හැකි. තවත් සමහර වැරදි තිබෙනවා කිසිදාක යළි නිවැරදි කළ නොහැකි. අලුතින් ගෙන එන ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවට බෙදුම්වාදී අංග ඇතුළත් කළොත් ඒවා යළි ඉවත් කිරීම ඉතා අපහසුයි. මේ ආණ්ඩුව ගෙන එන්නේ බටහිර උවමනාවන්ට සරිලන ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියන එක තේරුම් ගන්න ව්‍යවස්ථා කෙටුම්පත අතට එන්න ඕනේ නැහැ. මේ නායකයන්ගේ අතීත ක්‍රියාකාරීත්වය දෙස බලපුවාම ඒ බව කුඩා දරුවකුට වුවත් තේරුම් ගත හැකියි. ඒ නිසයි ඒ අනතුර කල්තියා රටට ජාතියට කිව යුතුයි කියලා අපි තීරණය කළේ.

ඔබවහන්සේ දන්නවා, අපි අපේ දේශපාලනය කළේ රටත්, ජාතියත් පිළිබඳ එකම මතයක සිටිමින් බව. 1987 ඉන්දු-ලංකා ගිවිසුම ගහපු වකවානුවේ උසස්පෙළ පාසල් ශිෂ්‍යයන් විදිහට හිටපු අපි ජවිපෙ දේශපාලනයට එදා පූර්ණකාලීනව පිවිසුණා. එදා රට හමුවේ මතුව තිබූ අනතුර අපේ පරම්පරාවේ තරුණ තරුණියන් දුටුවා. ඊට එරෙහිව අපි සටන් වැදුණා. ඒ නිසා අදත් අපට ඉවෙන් වගේ දැනෙනවා වෙන්න යන දේ.

ඒකාබද්ධ විපක්ෂයේ නායක මට්ටමේ සාකච්ඡාවක් තිබෙනවා ‘දැන් මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය තුළ හිටියා ඇති’ කියලා. අවසන් තීන්දුවක් දැනට ගෙන නැහැ. ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නියෝජිතයන් අතර මතයක් තිබුණා, ‘ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ඇතුළේ ඉඳලා බලපෑමක් කරන්න බලමු’ කියලා. අපි නම් මුල සිටම සිටියේ, ‘මේ ගෙන එන්නේ බටහිර සහ රනිල් වික්‍රමසිංහ අගැමැතිවරයාට ඕනෙ ව්‍යවස්ථාව. අන්තිමේදී වෙන්නේ අපිත් මේ මල් වට්ටියට අත තැබුවා කියන කතාව හැදෙන එක විතරයි’ කියන අදහසේ. ඒ නිසා අපි පක්ෂයක් විදිහට මේ ක්‍රියාවලියට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂයේ අනෙකුත් නායකයන් මේ පිළිබඳව තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩකඩ තිබෙනවා.” යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන උදයශාන්ත ගුණසේකර, නිරෝෂන් ප්‍රේමරත්න, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරු වන නිමල් ප්‍රේමවංශ, නිමල් පියතිස්ස, නියෝජ්‍ය ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්සිරි හේරත් ඇතුළු දේශපාලන මණ්ඩල සභිකවරු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Related posts

සතොසටත් සුරා බලපත්

colombotoday

සත් සමුදුර ජයගත් සාඩම්බර දේශීය ව්‍යාපාරයක් අවසානයි, විදේශීය නෞකා 150ක් ඇවන්ගාඩ් ආරක්ෂාව එපා කියයි

colombotoday

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

හෙරොයින් 15 g ක් සමග 58 හැවිරිදි කතක් අත්අඩංගුවට

colombotoday

රනිල්ගේ සබඳතා අද මායාවක් වෙලා : රටේ ප්‍රශ්න විසඳන්න මෙලෝ උත්සහයක් නෑ… ආර්ථිකය කාබාසිනියා කරනවා… – විමල්

colombotoday

කොරෝනා මේ රටට බෝ කලේ මේ ආණ්ඩුවයි – එස්.එම් මරික්කාර්

colombotoday