Colombo Today Local News

රාජිත හමුදාව යොදවා කංසා වවයි.. පළමු වගාව මතුගම !

kansa3323ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා යුද හමුදාවේ අධීක්‌ෂණය යටතේ වගා කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති දොස්‌තර රාජිත සේනාරත්න මහතා පැවැසීය.

එහි පළමු පියවර ලෙස මතුගම ප්‍රදේශයේ අක්‌කර හැටක කංසා වගා කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා මෙතෙක්‌ ලබාගත්තේ උසාවිය මගින් රාජසන්තක කරනු ලබන නීති විරෝධීව වගා කළ කංසා බවත් ඒවා ලබාගන්නා විට ගුණාත්මක බව බොහෝ සේ අඩුව ඇති බැවින් ඖෂධ සඳහා යොදාගැනීම අපහසු බව ආයුර්වේද වෛද්‍යවරුන් පවසන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය කංසා වගා කිරීම සඳහා තම අමාත්‍යාංශය තීරණය කළ බවද දොස්‌තර රාජිත සේනාරත්න ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

විශ්වාසභංගය අස්සේ හිටපු ඇමති රෝහිතගේ අල්ලස් නඩුවට වෙච්ච දේ…

colombotoday

සමුද්‍රදේවී කළුතර දී පීලි පනී

Admin

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් වෙයි

colombotoday

සිංහලේ එලවන්න, අසාත් සාලි පොලීසියට අණදුන් හැටි (Video)

colombotoday

ඇල්පිටිය මැතිවරණය ඇරඹෙයි

colombotoday