Colombo Today Local News

ISIS දැයි සැකයක්… බුබායි සිට ආ මුස්ලිම් පවුලක් පිටුවහල් කරයි

katunayake airportඅද අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි මුස්ලිම් ජාතික පවුලක් යළි පිටුවහල් කිරීමට ගුවන්තොටුපළ බලධාරීන් විසින් තීරණය කර තිබේ.

Air-Arabia G9501 දරණ ගුවන්යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණි මවක,පියෙකු හා කුඩා දරුවෙකු ව්‍යාජ ගමන්බලපත් මගින් පැමිණ ඇති බවත්,ආගමන විගමන නිලධාරී ආර්.ඩී.එස් ගුණරත්න මහතාට සැක සිතී මොවුන් පරීක්ෂා කර ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව මවට සහ පුතුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ව්‍යාජ ගමන්බලපත්‍ර තිබී ඇති අතර පියාට ජර්මන් ගමන් බලපත්‍රයක් තිබී ඇති බවත්,ඇතිවුණු සැකය හේතුවෙන් ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඔවුන්ට අයත් ලෙබනනයේ සරණාගත ගමන් බලපත්‍ර දෙකක්ද හමුවූ බවත් සහකාර පාලක එම්.ජී.වී කාරියවසම් මහතා අද දෙරණට කියා සිටියේය.

ලංකාවට පැමිණි මෙම තිදෙනා ලබන 14 වන දින ජර්මන් බලා යාමට නියමිතව සිටි බවත්,ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් මෙරටට පැමිණ සැබෑ තොරතුරු වසන් කිරීම හේතුවෙන් මොවුන් පිළිබඳ වැඩිදුර විමසා සිටි බවත් කාරියවසම් මහතා සඳහන් කළේය.

අයි.එස් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් හා ඔවුන්ට සහයවන්නන් රටට ඇතුළුවීම සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටින ලෙස උපදෙස් දී ඇති බැවින් මූලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව බුද්ධි අංශ දැනුවත් කිරීමට පියවර ගත් බවත්,අනතුරුව ආගමන විගමන පාලකවරයාගේ නියෝග පරිදි මොවුන් පිටුවහල් කිරීමට පියවර ගත් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Adaderana

Related posts

නොරොච්චෝලේ කොටසක් අක්‍රීයයි

colombotoday

චැනල් 4 චෝදනා ගැන ගෝඨාභය පිළිතුරු දෙයි

Admin

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

මගීන් ඉද්මදීම බස් රථයක් ගිනි ගනී

colombotoday

දැවිතෙල් නැවකට ඩොලර් ගෙවයි

colombotoday

මන්ත්‍රීධූරය ඥානසාර හිමිට. මධ්‍යම කාරක සභාවේ සියලු දෙනාගේ අනුමැතිය.

colombotoday