World

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

මැදපෙරදිග කලාපයේ මුස්ලිම් රටවල් අටක සිට පැමිණෙන ගුවන් යානාවලට බලපැවැත්වෙන පරිදි ලැප්ටොප්, ටැබ්ලට් පරිගණක සහ ප්‍රමාණයෙන් විශාල ස්මාර්ට් ජංගම දුරකථන ගෙන ඒම තහනම් කිරීමට එංගලන්තයද තීරණය කර ඇත.

ඇමෙරිකාව මෙම තහනම ප්‍රථමයෙන් පැනවූ අතර එම නිවේදනයෙන් පසු එංගලන්තය ද රටවල් හයකට බලපැවැත්වෙන පරිදි එම තහනම පැනවීය.

ඇමෙරිකාව පවසන්නේ ගුවන් යානා ඉලක්ක කරගෙන සිදු කරන ඉස්ලාමික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීමට මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.

බුද්ධි අංශ වාර්තා අනුව මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම තීරණය ගත් බවද ඇමෙරිකා බලධාරිහු කියති.

මේ අනුව මැද පෙරදිග කලාපයේ ගුවන් සේවා නවයක් සඳහා තහනම ක්‍රියාත්මක වේ.

Related posts

විලියම් ෂැට්නර් අභ්‍යාවකාශ ගත වූ වයස්ගතම පුද්ගලයන්ගේ ලැයිස්තුවට

colombotoday

රුසියාවේ පාසලක වෙඩි තැබීමකින් 6 දෙනෙක් මරුට…

colombotoday

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ භූකම්පනයක්

colombotoday

ලෝක වෙළඳපොලේ රන් මිල පහළට

colombotoday

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි

colombotoday