World

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම් බව එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කර තිබේ.

ඔහු සඳහන් කරන්නේ ප්‍රොජෙක්ට් සීබර්ඩ් ලෙස නම් කර ඇති මෙය මීලඟ වසර 10 ඇතුළත ඉදිකිරීමට අපේක්ෂා කරන බවය.

දැනටමත් ඉන්දියාව නාවික ශක්තියෙන් ගත්කළ පළමු රටවල් 05 අතර සිටින බව පැවසෙන අතර මෙම නාවික කඳවුර ඉදිකළහොත් ලෝකයේ විශාලතම නාවික කඳවුරු හිමි රටවල් අතර 03 වන ස්ථානයට පත්වන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.

ඉන්දියාව හා දැඩි තරඟයක නිරත වී සිටින චීනයට ද මේ වනවිට විශාල නාවික බලයක් හිමිවී ඇත.

Related posts

ක්‍රිකට් පිටියට එන මසායි ගෝත්‍රිකයෝ

colombotoday

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

පකිස්තාන් දේශසීමාවේ තලේබාන් ධජ ඔසවයි

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday

දහස් ගණනින් අනවසර සංක්‍රමණිකයන් යුරෝපයට – ගුවනේ සිට ගත් වීඩියෝව

colombotoday